عَنْ مُعَاذِ بْنِ جَبَلٍ رضي الله عنه قَالَ:

كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَأَصْبَحْتُ يَوْمًا قَرِيبًا مِنْهُ وَنَحْنُ نَسِيرُ، فَقُلْتُ: يَا رَسُولَ اللهِ أَخْبِرْنِي بِعَمَلٍ يُدْخِلُنِي الجَنَّةَ وَيُبَاعِدُنِي عَنِ النَّارِ، قَالَ: «لَقَدْ سَأَلْتَنِي عَنْ عَظِيمٍ، وَإِنَّهُ لَيَسِيرٌ عَلَى مَنْ يَسَّرَهُ اللَّهُ عَلَيْهِ، تَعْبُدُ اللَّهَ وَلاَ تُشْرِكْ بِهِ شَيْئًا، وَتُقِيمُ الصَّلاَةَ، وَتُؤْتِي الزَّكَاةَ، وَتَصُومُ رَمَضَانَ، وَتَحُجُّ البَيْتَ» ثُمَّ قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى أَبْوَابِ الخَيْرِ: الصَّوْمُ جُنَّةٌ، وَالصَّدَقَةُ تُطْفِئُ الخَطِيئَةَ كَمَا يُطْفِئُ الْمَاءُ النَّارَ، وَصَلاَةُ الرَّجُلِ مِنْ جَوْفِ اللَّيْلِ» قَالَ: ثُمَّ تَلاَ: «{تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ}، حَتَّى بَلَغَ {يَعْمَلُونَ}» ثُمَّ قَالَ: «أَلاَ أُخْبِرُكَ بِرَأْسِ الأَمْرِ كُلِّهِ وَعَمُودِهِ، وَذِرْوَةِ سَنَامِهِ؟» قُلْتُ: بَلَى يَا رَسُولَ اللهِ، قَالَ: «رَأْسُ الأَمْرِ الإِسْلاَمُ، وَعَمُودُهُ الصَّلاَةُ، وَذِرْوَةُ سَنَامِهِ الجِهَادُ» ثُمَّ قَالَ: «أَلاَ أُخْبِرُكَ بِمَلاَكِ ذَلِكَ كُلِّهِ؟» قُلْتُ: بَلَى يَا نَبِيَّ اللهِ، فَأَخَذَ بِلِسَانِهِ قَالَ: «كُفَّ عَلَيْكَ هَذَا» فَقُلْتُ: يَا نَبِيَّ اللهِ، وَإِنَّا لَمُؤَاخَذُونَ بِمَا نَتَكَلَّمُ بِهِ؟ فَقَالَ: «ثَكِلَتْكَ أُمُّكَ يَا مُعَاذُ، وَهَلْ يَكُبُّ النَّاسَ فِي النَّارِ عَلَى وُجُوهِهِمْ أَوْ عَلَى مَنَاخِرِهِمْ إِلاَّ حَصَائِدُ أَلْسِنَتِهِمْ».
[صحيح بمجموع طرقه] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...

මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම: "c2">“අල්ලාහ්ගේ දූතයාණෙනි, ස්වර්ගයට මා ඇතුළත් කරන නිරා ගින්නෙන් මා දුරස් කරන ක්රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” මම විමසා සිටියෙමි යැයි පවසා සිටියේය. එතුමා: "c2">“සැබැවින්ම ඔබ වැදගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය.” ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. සලාතය විධිමත්ව ඉටු කරන්න. සකාත් ද නිකුත් කරන්න. රමළාන් උපවාසය රකින්න. දේව නිවස කරා හජ් වන්දනා කරන්න.” පසුව එතුමාණන්: යහපත්කමේ දොරටු පිළිබඳ මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? උපවාසය පලිහකි. සදකා හෙවත් දානය, ජලය ගින්දර නිවා දමන්නාක් මෙන් වැරදි නිවා දමන්නකි. රාත්රිය මැද කොටසේ මිනිසා ඉටු කරන සලාතයක් ඇත. යැයි පවසා පසුව "c2">“තතජාෆා ජුනූබුහුම් අනිල් මළාජිඉ -ඔවුන්ගේ ඇළපැති නිදිහයනින් ඈත් ව තබති - යන (සූරා සජදා හි 16 වැනි) පාඨයේ සිට “යඃලමූන්” - ඔවුහු දැන සිටිති- යන (එහි 17 වැනි) පාඨය දක්වා පාරායනය කළහ. පසුව එතුමාණන්: “කටයුත්තේ සිරස, එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? මම: එසේය අල්ලාහ්ගේ දූතයාණනි, යැයි පැවසුවෙමි. එතුමාණන්: කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එහි කුළුණ සලාතයයි. එහි උච්චතම ස්ථානය ජිහාද් හෙවත් අරගලයයි. යැයි පැවසූහ. පසුව එතුමාණන් තවදුරටත්: මේ සියලු දෑහි පදනම මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? විමසා සිටියහ. මම: එසේය අල්ලාහ්ගේ දූතයාණනි, යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ එතුමාණන්ගේ දිව අල්ලා ‘ඔබට එරෙහි වීමෙන් මෙය වළක්වා ගන්න’ යැයි පැවසූහ. මම: අල්ලාහ්ගේ නබිවරය, අප කවර කරුණක් කතා කරන්නේ ද එමගින් අප හසුකරගනු ලබන්නෙමු ද? යැයි විමසුවෙමි. නුඹට කුමක් වීද! යැයි පවසා ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ දිවවල් නෙළාගත් දෑ මිස වෙන කුමක් වන්නේ ද?
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය අපට මග පෙන්වනුයේ සැබැවින්ම නිරා ගින්නෙන් ආරක්ෂා කරන ස්වර්ගයට ප්රවේශ කරන ක්රියාව වනුයේ අල්ලාහ්ට පමණක් නමැදුම් කර ඔහු හැර සෙසු සියල්ල අතහැර දමා ඒ සමගම අල්ලාහ් ගැත්තාහට නියම කළ සලාතය, සකාතය, උපවාසය හා හජ් වන්දනාව ක්රියාත්මක කිරීමය. යහපත්කමට ඒකරාශී වන කරුණු වනුයේ. අතිරේක සදකාව, අතිරේක උපවාසය හා රාත්රී කාලය මධ්යයේ තහජ්ජුද් ඉටු කිරීමය. ඉස්ලාමීය කටයුතුවල සිරස හා එහි කුළුණ සලාතයයි. එහි උච්චතම ස්ථානය අල්ලාහ්ගේ වදන උසස්වනු පිණිස එම මාර්ගයේ ජිහාද් හෙවත් අරගල කිරීමයි. මේ සියලු දෑහි මාධ්යය වනුයේ, එය සිදු කළ විට මෙම ක්රියාවන් පළුදු කරන කතාවන්ගෙන් මිනිසා වැළකී සිටීමය. සෑම මුස්ලිම්වරයකුම තමන් දැහැමි ක්රියාවන් කරන විට ඒවාට ඵල දෙන දෑහි හෝ ඒවා නිෂ්ඵල කරන දෑහි තම දිව හසුරුවීම ගැන ප්රවේසම් විය යුතුය. එවිට ඔහු අපා ගින්නේ සගයින් අතරට පත් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර