عن أبي هريرة رضي الله عنه :"أنَّ النبي صلى الله عليه وسلم لَقِيَه في بَعض طُرُقِ المدينَة وهو جُنُبٌ، قال: فَانْخَنَسْتُ مِنه، فذهبت فَاغْتَسَلْتُ ثم جِئْتُ، فقال: أين كنت يا أبا هريرة؟ قال: كُنتُ جُنُبًا فَكَرِهتُ أن أُجَالِسَك على غيرِ طَهَارَة، فقال: سبحان الله، إِنَّ المُؤمِنَ لا يَنجُس".
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් ඔහු ව මදීනාවෙහි වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසුවිය. ඔහු මෙසේ පැවසීය. ‘මම එතුමාගෙන් ඈත් වී ගියෙමි. පසු ව ස්නානය කළෙමි. අනතුරු ව (එතුමා වෙතට) පැමිණියෙමි. එවිට එතුමාණෝ: “ඕ ! අබූ හුරෙයිරා” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. ‘මම ජනාබත් තත්ත්වයේ පසුවීමි. එහෙයින්, මා පිරිසිදුකමින් තොර ව සිටියදී ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ එවිට නබි තුමාණෝ: "c2">“සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නොවන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා, නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන්ව මදීනාවෙහි ඇතැම් මාර්ගයන්හි දුටුහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසුවිය. එම තත්ත්වය මත නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ගරුකිරීමක් වශයෙන් එතුමාගේ සභාවෙහි වාඩිවීමටත් එතුමා සමග කතා කිරීමටත් ඔහු පිළිකුල් කළේය.එහෙයින් හීන් සීරුවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් වෙන්ව ගොස් ස්නානය කොට පසුව එතුමා වෙත පැමිණියේය. පසුව තමන් -රළියල්ලාහු අන්හු- කොහේ ගියේ දැ?”යි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා විමසූහ. පසුව ඔහු සිටි තත්ත්වයත්, තමන් පිරිසිදු නොවූ තත්ත්වයක එකුමා සමග වාඩිවීමට පිළිකුල් කළ බවත් ඔහු එතුමාණන්ට දන්වා සිටියේය. ජුනුබ් තත්ත්වයේ තමන් අපිරිසිදු යැයි සිතා දුරස්ව ගොස් ස්නානය කොට පැමිණි තත්ත්වය ගැන නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පුදුමටය පත් වූහ. පසුව එතුමා ඔහුට මෙසේ පැවසූහ: "c2">“සැබැවින්ම, මුඃමින්වරයෙකු අපිරිසිදු නොවන්නේය” යැයි පැවසූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර