+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِيَ بِلَحْمٍ فَرُفِعَ إِلَيْهِ الذِّرَاعُ، وَكَانَتْ تُعْجِبُهُ فَنَهَشَ مِنْهَا نَهْشَةً، ثُمَّ قَالَ:
«أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ القِيَامَةِ، وَهَلْ تَدْرُونَ مِمَّ ذَلِكَ؟ يَجْمَعُ اللَّهُ النَّاسَ الأَوَّلِينَ وَالآخِرِينَ فِي صَعِيدٍ وَاحِدٍ، يُسْمِعُهُمُ الدَّاعِي وَيَنْفُذُهُمُ البَصَرُ، وَتَدْنُو الشَّمْسُ، فَيَبْلُغُ النَّاسَ مِنَ الغَمِّ وَالكَرْبِ مَا لاَ يُطِيقُونَ وَلاَ يَحْتَمِلُونَ، فَيَقُولُ النَّاسُ: أَلاَ تَرَوْنَ مَا قَدْ بَلَغَكُمْ، أَلاَ تَنْظُرُونَ مَنْ يَشْفَعُ لَكُمْ إِلَى رَبِّكُمْ؟ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ: عَلَيْكُمْ بِآدَمَ، فَيَأْتُونَ آدَمَ عَلَيْهِ السَّلاَمُ فَيَقُولُونَ لَهُ: أَنْتَ أَبُو البَشَرِ، خَلَقَكَ اللَّهُ بِيَدِهِ، وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ، وَأَمَرَ المَلاَئِكَةَ فَسَجَدُوا لَكَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ، أَلاَ تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا؟ فَيَقُولُ آدَمُ: إِنَّ رَبِّي قَدْ غَضِبَ اليَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ قَدْ نَهَانِي عَنِ الشَّجَرَةِ فَعَصَيْتُهُ، نَفْسِي نَفْسِي نَفْسِي، اذْهَبُوا إِلَى غَيْرِي، اذْهَبُوا إِلَى نُوحٍ، فَيَأْتُونَ نُوحًا فَيَقُولُونَ: يَا نُوحُ، إِنَّكَ أَنْتَ أَوَّلُ الرُّسُلِ إِلَى أَهْلِ الأَرْضِ، وَقَدْ سَمَّاكَ اللَّهُ عَبْدًا شَكُورًا، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ؟ فَيَقُولُ: إِنَّ رَبِّي عَزَّ وَجَلَّ قَدْ غَضِبَ اليَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ قَدْ كَانَتْ لِي دَعْوَةٌ دَعَوْتُهَا عَلَى قَوْمِي، نَفْسِي نَفْسِي نَفْسِي، اذْهَبُوا إِلَى غَيْرِي، اذْهَبُوا إِلَى إِبْرَاهِيمَ، فَيَأْتُونَ إِبْرَاهِيمَ فَيَقُولُونَ: يَا إِبْرَاهِيمُ أَنْتَ نَبِيُّ اللَّهِ وَخَلِيلُهُ مِنْ أَهْلِ الأَرْضِ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ، فَيَقُولُ لَهُمْ: إِنَّ رَبِّي قَدْ غَضِبَ اليَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّي قَدْ كُنْتُ كَذَبْتُ ثَلاَثَ كَذِبَاتٍ، نَفْسِي نَفْسِي نَفْسِي، اذْهَبُوا إِلَى غَيْرِي، اذْهَبُوا إِلَى مُوسَى فَيَأْتُونَ، مُوسَى فَيَقُولُونَ: يَا مُوسَى أَنْتَ رَسُولُ اللَّهِ، فَضَّلَكَ اللَّهُ بِرِسَالَتِهِ وَبِكَلاَمِهِ عَلَى النَّاسِ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ؟ فَيَقُولُ: إِنَّ رَبِّي قَدْ غَضِبَ اليَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّي قَدْ قَتَلْتُ نَفْسًا لَمْ أُومَرْ بِقَتْلِهَا، نَفْسِي نَفْسِي نَفْسِي، اذْهَبُوا إِلَى غَيْرِي، اذْهَبُوا إِلَى عِيسَى ابْنِ مَرْيَمَ، فَيَأْتُونَ عِيسَى، فَيَقُولُونَ: يَا عِيسَى أَنْتَ رَسُولُ اللَّهِ، وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ، وَكَلَّمْتَ النَّاسَ فِي المَهْدِ صَبِيًّا، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ؟ فَيَقُولُ عِيسَى: إِنَّ رَبِّي قَدْ غَضِبَ اليَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ قَطُّ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَلَمْ يَذْكُرْ ذَنْبًا، نَفْسِي نَفْسِي نَفْسِي اذْهَبُوا إِلَى غَيْرِي اذْهَبُوا إِلَى مُحَمَّدٍ، فَيَأْتُونَ مُحَمَّدًا فَيَقُولُونَ: يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ وَخَاتِمُ الأَنْبِيَاءِ، وَقَدْ غَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ، فَأَنْطَلِقُ فَآتِي تَحْتَ العَرْشِ، فَأَقَعُ سَاجِدًا لِرَبِّي عَزَّ وَجَلَّ، ثُمَّ يَفْتَحُ اللَّهُ عَلَيَّ مِنْ مَحَامِدِهِ وَحُسْنِ الثَّنَاءِ عَلَيْهِ شَيْئًا، لَمْ يَفْتَحْهُ عَلَى أَحَدٍ قَبْلِي، ثُمَّ يُقَالُ: يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَهْ، وَاشْفَعْ تُشَفَّعْ فَأَرْفَعُ رَأْسِي، فَأَقُولُ: أُمَّتِي يَا رَبِّ، أُمَّتِي يَا رَبِّ، أُمَّتِي يَا رَبِّ، فَيُقَالُ: يَا مُحَمَّدُ أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ لاَ حِسَابَ عَلَيْهِمْ مِنَ البَابِ الأَيْمَنِ مِنْ أَبْوَابِ الجَنَّةِ، وَهُمْ شُرَكَاءُ النَّاسِ فِيمَا سِوَى ذَلِكَ مِنَ الأَبْوَابِ، ثُمَّ قَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، إِنَّ مَا بَيْنَ المِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الجَنَّةِ، كَمَا بَيْنَ مَكَّةَ وَحِمْيَرَ -أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى-».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4712]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මස් ව්‍යාංජනයක් ගෙන එන ලදී. පසුව එළු ගාතක් එතුමා වෙත පිළිගන්වනු ලැබීය. එය එතුමාට වඩාත් ප්‍රියමනාප විය. පසුව එතුමා එයින් කොටසක් සපා අනුභව කළහ. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ:
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්‍රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්‍රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්‍රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 4712]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක්තරා සංග්‍රහයක් අතර තම මිතුරන් සමග සිටියහ. එතුමාණන් වෙත එළු අතක් පිළිගන්වනු ලැබීය. එතුමාණන් වඩාත් ප්‍රිය කරන මස් කොටස එය විය. එතුමාණන් තම දත් කොණින් කටක් හපා ඔවුනට මෙසේ පවසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ආදම්ගේ දරුවන් අතර ප්‍රධානියා වෙමි. එය උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද පවසා සිටින්නක් ලෙසය." "ඒ ගැන ඔබලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් විශාල පුළුල් දිගු හැරුණු එක් තැනක සියලු දෙනා රැස් කරනු ලැබේ. එහි ඇරයුම් කරන්නාගේ ඇරයුමට සවන් වැකෙන්නටත්, බලන්නාට ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. ඔවුන් අතරින් කිසිවෙකු ඉන් සැඟවෙන්නේ නැත. මහ පොළොව පැතිලි බැවින් දකින කිසිවෙකු ඔහුට මුවා වෙන්නේ නැත. බැල්ම ඔවුන් මත ක්‍රියාත්මක වෙයි. ඉන් අදහස් කරන්නේ මිනිසා යමක් කතා කළ විට තවත් කෙනෙකු ඔවුනට සවන් දෙයි. ඔවුන් දෙස බලයි. හිරු සැතපුමක දුර ප්‍රමාණයෙන් ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ඉන් මිදීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන උදවිය සොයන්නට ගනී." මානවයාගේ පියා ආදම් වෙත යන්නට අල්ලාහ් දේවත්වය විශ්වාස කළ ජනයාට ආශිර්වාද කරයි. ඔවුහු ඔහු වෙත ගොස් ඔහුගේ මහිමය මෙනෙහි කර සර්වබලධාරී අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු මැනව යැයි පවසා, "අහෝ ආදම්! ඔබ මිනිස් වර්ගයාගේ පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔබට සුජූද් කිරීමට මලක්වරුන්ට ඔහු නියම කළේය. සෑම දෙයකම නාමයන් ඔහු ඔබට ඉගැන්වීය. ඔහුගේ ප්‍රාණයෙන් ඔබ වෙත පිම්ඹේය. එහෙයින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න" යැයි ඉල්ලා සිටිති. නමුත් එතුමා නිදහසට කරුණු දක්වමින්, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත" යැයි පවසා තම වැරැද්ද මෙනෙහි කර සිටියි. එය සුවිශුද්ධ අල්ලාහ් එක්තරා ගසකින් අනුභව කිරීම තහනම් කර තිබිය දී තමන් එය අනුභව කර තිබීමය. තවදුරටත් හෙතෙම එම වැරැද්ද උරුම වූ "අහෝ මගේ ආත්මය! කෙසේ නම් මැදිහත් වන්න ද?" යැයි පවසා "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ මෙසේ පවසති. "පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තබා ඇත. (එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න.)" යැයි ඉල්ලා සිටිති. ඔහු ද නිදහසට කරුණු දක්වමින් සැබැවින්ම අල්ලාහ් මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇති බවත් තමන් සතුව ප්‍රාර්ථනාවක් තිබුණු බවත්, එය තම ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කිරීමට යොදා ගත් බවත් පවසා, මැදිහත් වීම නියම වූ අහෝ මාගේ ආත්මය! යැයි පසුතැවිලි වී "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යැයි පවසයි. පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "ඔබ පොළෝවාසීන් අතර අල්ලාහ්ගේ මිතුරා විය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරන්න. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නො දුටුවෙ හි ද?" එවිට එතුමා ඔවුනට, "සැබැවින්ම මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝප වී ඇත. සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. පළමු ප්‍රකාශය සැබැවින්ම මම කුඩා අයෙකි. දෙවැනි ප්‍රකාශය මේ දේ සිදු කළේ ඒවා අතර ඇති මේ විශාල දෑය. තුන්වැනි ප්‍රකාශය, ඔහුගේ බිරිය වන සාරාට, මම ඔබේ සහෝදරයා යැයි ඔහුට පවසනු. එවිට ඔහුගේ හිංසනයෙන් ඔහු ආරක්ෂාව ලබනු ඇත. සැබෑ යථාර්ථය නම් මෙම ප්‍රකාශ තුන සිදු වූයේ වක්‍රාකාර කතනයක් ලෙසිනි. නමුත් එහි ස්වරූපය සත්‍යයට පටහැනි ස්වරූපයෙන් විය. කවරෙකු අල්ලාහ්ව මැනවින් වටහා ගත්තේ ද තරාතිරමින් වඩාත් සමීප වූයේ ද බලවත් සේ බියට පත් වන්නා ඔහු වැන්නන් වන බැවින් මැදිහත් වීමට තමන් පහත් අයකු ලෙස සිතා මෙසේ පවසා සිටියේය. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න නුඹලා මූසා වෙත යන්න." යැයි පැවසුහ. පසුව ඔවුහු මූසා වෙත ගොස්, "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු ද එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම මරණ දඬුවම දීමට නියෝග කරනු නො ලැබූ ආත්මයක් මම මරා දමා ඇත්තෙමි. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස් ඔවුහු, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී කුඩා වියේම ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට එතුමා, “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. මැදිහත් වීමට ඉල්ලා සිටින මාගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුහු මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද් ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. ඔබේ පෙර පව් හා පසු පව් සඳහා අල්ලාහ් ඔබට සමාව දී ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්නට පෙනී සිටන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?". "පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ. මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්‍රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. 'අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න, ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න, ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ.' යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, 'අහෝ මාගේ පරමාධපතියාණනි!, මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි!, මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව!' යනුවෙන් පවසමි. එවිට එතුමාණන්ගේ මැදිහත් වීම පිළිගනු ලබයි. එහිදී එතුමාණන්ට මෙසේ පවසනු ලැබේ. "අහෝ මුහම්මද්! කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටු අතර දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල සිටින ඔවුනට හවුල්කාර පිරිසක් වෙති. පසුව එතුමාණෝ, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා යමනයේ සන්ආ අතර පවතින දුර හෝ මක්කාව හා සිරියාවේ බස්රා අතර පවතින දුර හා සමානය. එය හවුරාන් නගරය වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු ප්‍රංශ රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الرومانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානීකම, ඇරයුමට පිළිතුරු දීම හා එතුමාගේ සගයින් සමග එකට එක්ව ආහාර අනුභව කිරීම.
  2. මිනිසුන් සියලු දෙනාට වඩා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මහිමයට පත් කිරීම.
  3. කාළි ඉයාල් තුමා මෙසේ පවසයි. "නායකයා යනු තම ජනතාව අභිබවා යන්නෙකි. දුෂ්කර කාලවලදී ඔහු වෙත ජනයා පිටත්ව යති. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙලොව මෙන්ම මතුලොවෙහි ඔවුන්ගේ නායකයාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශේෂයෙන් පවසා ඇත්තේ එහි ගෞරවය ඉහළ යන නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම ඔහුට යටත් වෙයි. ආදම් මෙන්ම ඔහුගේ සියලුම දරුවෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ධජය යටතේ සිටිති."
  4. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ආරම්භයේ විමසා සිටීමට ඉඩ නොදී ආදම්ගෙන් හා සෙසු අයගෙන් විමසා සිටීමට ඔවුනට අල්ලාහ් ඉඩ සලසා දීමේ ප්‍රඥාව නම් එතුමාන්ගේ මහිමය විදහා පෑමය. ධූරයේ ඉහළම මට්ටමේ හා සමීපභාවයේ පරිපූර්ණත්වයේ අවාසනය එයයි.
  5. ගැත්තෙකුගෙන් යම් අවශ්‍යතාවක් අපේක්ෂා කරන්නාට ඔහු ඉදිරියේ වගකිව යුතු ඔහුගේ යහපත් ගුණාංග ඉදිරිපත් කිරීම ආගමානුගත කර ඇත. එය පිළිතුරු සඳහා අභියෝගයක් වනු පිණිසය.
  6. තමන්ට කළ නොහැකි කරුණක් ගැන විමසනු ලබන තැනැත්තා ඔහුට පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු දැක්වීම සඳහා ඔහුට අවසරය ඇත. ඒ සම්බන්ධයෙන් තමන්ට වඩා හැකියාවක් ඇත්තකු සිටින බව කෙනෙක් සිතන්නේ නම් අදාළ තැනැත්තා වෙත මඟ පෙන්වීම සතුටුදායක වේ.
  7. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින රැස්කරනු ලබන ස්ථානයේ බිහිසුණුකම සහ නවාතැනෙහි තීව්‍රත්වය පැහැදිලි කිරීම.
  8. නබිවරුන්ගේ නිහතමානිකම. ඔවුන්ගේ අතීතය සිහිපත් කළ විට, තමන් මේ තනතුරට වඩා පහත් යැයි හැඟවීම.
  9. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත් වීමේ අතිමහත් අවස්ථාව සහතික කිරීම. එය මැවීම් අතර විනිශ්චය කිරීම සඳහා වන්නකි.
  10. "අල්-වසීලා" හෙවත් උදව් පැතීම හා "අල්-මකාමුල් මහ්මූද්" හෙවත් අල්ලාහ්ගේ දූතයාණන් සතු ප්‍රශංසනීය ස්ථානය ගැන සහතික කිරීම.
  11. සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රශංසා නිමක් නැත. එබැවින් අල්ලාහ් තම දූතයාට මෙම යහපත් ප්‍රශංසාව සඳහා ඔහුට පෙර කිසිවෙකුට විවෘත නොකළ දෙයක් විවෘත කර දෙයි.
  12. ශ්‍රේෂ්ටතම ප්‍රජාව මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රජාව බව පැහැදිලි කිරීම. ස්වර්ගයට පිවිසීමේ දී ඔවුනට විශේෂ අවස්ථාවන් ඇත. ඒ අතරින් විශේෂ වන්නේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇතැමුන් පිවිසීමය. අනෙකුත් දොරටු වල සිටින මිනිසු ද සහභාගී වෙති.
අමතර