عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«قَالَ اللَّهُ تَعَالَى: ثَلاَثَةٌ أَنَا خَصْمُهُمْ يَوْمَ القِيَامَةِ: رَجُلٌ أَعْطَى بِي ثُمَّ غَدَرَ، وَرَجُلٌ بَاعَ حُرًّا فَأَكَلَ ثَمَنَهُ، وَرَجُلٌ اسْتَأْجَرَ أَجِيرًا فَاسْتَوْفَى مِنْهُ وَلَمْ يُعْطِهِ أَجْرَهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2270]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි.: මාගේ නාමයෙන් ගිවිසුමක් ඇති කර ගෙන එය කඩ කළ මිනිසා, නිදහස් මිනිසෙකු විකුණා ඉන් ලැබූ මුදල් පරිභෝජනය කළ මිනිසා සහ සේවකයෙකු කුලියට ගෙන ඔහුගේ සම්පූර ණ සේවය ලබා ගත් නමුත් ඔහුට ඔහුගේ වැටුප නොගෙවූ මිනිසා.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 2270]
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම කණ්ඩායම් තුනකට විරුද්ධව වාද කරමි. ඒ ගැන කවුරු වාද කර සිටිය ද ඔහුට එරෙහිව මම වාද කර ඔහු පරාජය කරමි. පළමුවැන්නා: අල්ලාහ් මත දිවුරා පොරොන්දු දී යම් ගිවිසුමක් ඇති කර ගත් පසු එය කඩ කරන, එය අහෝසි කරන පුද්ගලයා. දෙවැන්නා: නිදහස් පුද්ගලයකු වහලෙකු බව පවසමින් ඔහු විකුණා ඉන් ලැබෙන ලාබය භුක්ති විඳින්නා සහ එහි මිල පරිභෝජනය කරන්නා. තුන්වැන්නා: සේවයක් සඳහා කුලී කරුවකු කුලියට ගෙන ඔහුගේ එම සේවය සම්පූර්ණයෙන් ලබා ඔහුගේ සේවයේ වටිනාකමට සරිලන පරිදි ඔහුට නොගෙවන තැනැත්තා.