عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ:
مَا قَاتَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْمًا قَطُّ حَتَّى يَدْعُوَهُمْ.
[صحيح] - [رواه أحمد والبيهقي] - [سنن البيهقي: 18232]
المزيــد ...
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أحمد والبيهقي] - [سنن البيهقي - 18232]
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසිදු ජන ප්‍රජාවක් සමග පළමුව ඔවුන් ඉස්ලාමය වෙත ආරාධනා කරන තුරු අරගල කිරීම් ආරම්භ කළේ නැති බවත් එහි ඇරයුමට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් ඔවුන් සමග සටන් කළ බවත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දුන්නේය.