عَنْ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ:
أَنَّ رَجُلًا مِنَ اليَهُودِ قَالَ لَهُ: يَا أَمِيرَ المُؤْمِنِينَ، آيَةٌ فِي كِتَابِكُمْ تَقْرَؤُونَهَا، لَوْ عَلَيْنَا مَعْشَرَ اليَهُودِ نَزَلَتْ لاَتَّخَذْنَا ذَلِكَ اليَوْمَ عِيدًا، قَالَ: أَيُّ آيَةٍ؟ قَالَ: {اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا} [المائدة: 3] قَالَ عُمَرُ: قَدْ عَرَفْنَا ذَلِكَ اليَوْمَ، وَالمَكَانَ الَّذِي نَزَلَتْ فِيهِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَهُوَ قَائِمٌ بِعَرَفَةَ يَوْمَ جُمُعَةٍ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 45]
المزيــد ...
උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්ථා කරන ලදී:
යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් එතුමාට මෙසේ පැවසීය: අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කියවන ඔබේ ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. එතුමා ඒ කවර පාඨයක් දැයි විමසා සිටියේය. ඔහු: اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින ඔබට ඔබේ දහම මම පූර් ණවත් කළෙමි. මාගේ ආශිර් වාදයන් ඔබ මත මම සම්පූර් ණ කළෙමි. ඔබ වෙනුවෙන් මම ඉස්ලාමය දහම ලෙස තෝරා ගත්තෙමි." (අල් මාඉදා: 3) යන පාඨය යැයි පැවසීය. උමර් තුමා මෙසේ පැවසීය: "එදිනය මෙන්ම එය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හඳුනමු. එය එතුමාණන්අ ජුමුආ දිනයේ අරෆාහි සිටගෙන සිටියදී පහළ විය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 45]
යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ මෙසේ පැවසීය: "ඔබ කියවන ඔබේ අල්-කුර්ආන් ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය අපගේ තව්රාත් ග්‍රන්ථයේ පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. මෙවන් වැදගත් පාඨයක් පහළ කිරීමේ ආශිර් වාදය හේතුවෙන් තුති පිදීමක් ලෙස අපි එය සමරමු." اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර් ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර් ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි." යන පාඨය වේ යැයි ඔහු පැවසීය. උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: එදින මෙන්ම එම ගෞරවණීය පාඨය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හදුනමු. එය උත්සව දින එතුමාණන් අරෆාහි සිටගෙන සිටියදී ජුමුආ දිනයක පහළ විය. ඒ දින දෙකම මුස්ලිම්වරුන් වෙත වූ මහඟු දින දෙකක් වේ.