عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
لَمَّا نَزَلَتْ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ} [البقرة: 284]، قَالَ: فَاشْتَدَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَتَوْا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ بَرَكُوا عَلَى الرُّكَبِ، فَقَالُوا: أَيْ رَسُولَ اللهِ، كُلِّفْنَا مِنَ الأَعْمَالِ مَا نُطِيقُ، الصَّلَاةَ وَالصِّيَامَ وَالجِهَادَ وَالصَّدَقَةَ، وَقَدِ اُنْزِلَتْ عَلَيْكَ هَذِهِ الآيَةُ وَلَا نُطِيقُهَا، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَتُرِيدُونَ أَنْ تَقُولُوا كَمَا قَالَ أَهْلُ الكِتَابَيْنِ مِنْ قَبْلِكُمْ سَمِعْنَا وَعَصَيْنَا؟ بَلْ قُولُوا: سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ المَصِيرُ»، قَالُوا: سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ المَصِيرُ، فَلَمَّا اقْتَرَأَهَا القَوْمُ، ذَلَّتْ بِهَا أَلْسِنَتُهُمْ، فَأَنْزَلَ اللهُ فِي إِثْرِهَا: {آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ المَصِيرُ} [البقرة: 285]، فَلَمَّا فَعَلُوا ذَلِكَ نَسَخَهَا اللهُ تَعَالَى، فَأَنْزَلَ اللهُ عَزَّ وَجَلَّ: {لَا يُكَلِّفُ اللهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا} [البقرة: 286] " قَالَ: «نَعَمْ» {رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا} [البقرة: 286] قَالَ: «نَعَمْ» {رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ} [البقرة: 286] قَالَ: «نَعَمْ» {وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الكَافِرِينَ} [البقرة: 286] قَالَ: «نَعَمْ».
المزيد
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳ ව අල්ලාහ් නුඹලාගෙන් ප්රශ්න කරන්නේය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය." (සූරා අල් බකරාහි 284) යන වැකිය පහළ වූ කල්හි, එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීන් කෙරෙහි දැඩි විය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ දණින් වාඩි වී මෙසේ පවසා සිටියහ: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්රියාවන් අතුරින් සලාතය, උපවාසය, ජිහාදය හා සදකාව වැනි අප දැරිය හැකි දෑ අප මත පැවරුණි. (දැන්) මෙම වැකිය ඔබට පහළ වී ඇත. නමුත් අපට එය දැරිය නොහැක. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ඔබට පෙර සිටි ආගම්ලත් ජන පිරිස් දෙක මෙන් "සමිඃනා වඅසයිනා" (අපි සවන් දුනිමු. පිටුපෑවෙමු.)" යැයි පවසන්නට ඔබ අපේක්ෂා කරන්නෙහු ද?" ඒ වෙනුවට ඔබ "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීර්" (අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, අපට සමාව දෙනු මැනව! නැවත යොමුවන ස්ථානය ඇත්තේ ඔබ වෙත ය.) යැයි පවසන්න.
පිරිස එය කියවා ඔවුන්ගේ දිව මත සුමටව ගලා ගිය විට, අල්ලාහ් ඊට පරව “තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර් ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය." යන (සූරා අල්-බකරාහි 285) වන වැකිය පහළ කළේය: ඔවුහු එය ඉටු කළ කල්හි, අල්ලාහ් එය වෙනස් කර සර් වබලධාරියාණන් මෙසේ පහළ කළේය (අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපතියාණෙනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්රහණය නොකරනු මැනව!) ඔහු (අල්ලාහ්) එසේය යැයි පවසා (තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව!) යැයි පහළ කර එසේය යැයි පැවසීය. පසුව කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව! එසේය යැයි පවසා තවදුරටත්: (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව! ඔහු එසේය යැයි පැවසීය.