عَنْ جُنْدُبِ بْنِ عَبْدِ اللَّهِ رَضيَ اللهُ عنهُ قَالَ:
كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ فِتْيَانٌ حَزَاوِرَةٌ، فَتَعَلَّمْنَا الإِيمَانَ قَبْلَ أَنْ نَتَعَلَّمَ القُرْآنَ، ثُمَّ تَعَلَّمْنَا القُرْآنَ، فَازْدَدْنَا بِهِ إِيمَانًا.
[صحيح] - [رواه ابن ماجه] - [سنن ابن ماجه: 61]
المزيــد ...
ජුන්දුබ් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරනු ලැබීය.
"අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත] - [سنن ابن ماجه - 61]
ජුන්දුබ් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු. ඒ වනවිට අපි වැඩිවියට පත්වන වියේ පසු වූ, ශක්තිමත් හා බලවත් තරුණයන් වූයෙමු. අපි අල්කුර්ආනය ඉගෙන ගැනීමට පෙර නබිතුමාගෙන් ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත් අතර පසුව අපි අල්-කුර්ආනය ඉගෙන ගත්තෙමු. ඒ හේතුවෙන් අපගේ විශ්වාසය වැඩි විය.