عَنْ جُنْدُبِ بْنِ عَبْدِ اللَّهِ رَضيَ اللهُ عنهُ قَالَ:
كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ فِتْيَانٌ حَزَاوِرَةٌ، فَتَعَلَّمْنَا الإِيمَانَ قَبْلَ أَنْ نَتَعَلَّمَ القُرْآنَ، ثُمَّ تَعَلَّمْنَا القُرْآنَ، فَازْدَدْنَا بِهِ إِيمَانًا.

[صحيح] - [رواه ابن ماجه] - [سنن ابن ماجه: 61]
المزيــد ...

ජුන්දුබ් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙ‌සේ වාර්තා කරනු ලැබීය.
"අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත] - [سنن ابن ماجه - 61]

විවරණය

ජුන්දුබ් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු. ඒ වනවිට අපි වැඩිවියට පත්වන වියේ පසු වූ, ශක්තිමත් හා බලවත් තරුණයන් වූයෙමු. අපි අල්කුර්ආනය ඉගෙන ගැනීමට පෙර නබිතුමාගෙන් ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත් අතර පසුව අපි අල්-කුර්ආනය ඉගෙන ගත්තෙමු. ඒ හේතුවෙන් අපගේ විශ්වාසය වැඩි විය.

හදීසයේ හරය

  1. සැබැවින්ම ඊමානය (දේව විශ්වාසය) අඩු වැඩි වන බව පැහැදිලි කිරීම.
  2. දරුවන් ඇති දැඩි කිරීමේදී ප්‍රමුඛතාවය දීම සහ ඔවුන් තුළ 'ඊමානය' (දේව විශ්වාසය) පුරවන්නට උනන්දු වීම.
  3. අල්-කුර්ආනය ඊමානය වැඩි කරයි. එමගින් සිත ආලෝකමත් වෙයි. හදවත විවෘත වෙයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි රුසියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الهولندية الغوجاراتية الدرية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර