ප්‍රවර්ගය:
+ -
عَنِ ‌ابْنِ عُمَرَ رضي الله عنهما:

أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَ النَّاسَ يَوْمَ فَتْحِ مَكَّةَ، فَقَالَ: «يَا أَيُّهَا النَّاسُ، إِنَّ اللهَ قَدْ أَذْهَبَ عَنْكُمْ عُبِّيَّةَ الْجَاهِلِيَّةِ وَتَعَاظُمَهَا بِآبَائِهَا، فَالنَّاسُ رَجُلَانِ: بَرٌّ تَقِيٌّ كَرِيمٌ عَلَى اللهِ، وَفَاجِرٌ شَقِيٌّ هَيِّنٌ عَلَى اللهِ، وَالنَّاسُ بَنُو آدَمَ، وَخَلَقَ اللهُ آدَمَ مِنْ تُرَابٍ، قَالَ اللهُ: {يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللهِ أَتْقَاكُمْ إِنَّ اللهَ عَلِيمٌ خَبِيرٌ} [الحجرات: 13]».
[صحيح] - [رواه الترمذي وابن حبان] - [سنن الترمذي: 3270]
المزيــد ...

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 3270]

විවරණය

මක්කා ජයග්‍රහණය ලැබූ දින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා පුරසාරම් මෙන්ම මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත; ඉවත් කර ඇත. සැබැවින්ම මිනිසුන් දෙවර්ගයකි:
සර්ව බලධාරී අල්ලාහ්ට ගැති, කීකරු, ධර්මිෂ්ඨ මුඃමින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් හෝ නොමැති වුවද අල්ලාහ්ට ගෞරවනීය තැනැත්තෙකි.
දුෂ්ඨ, අභාග්‍යවන්ත, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලාහ් ඉදිරියේ නින්දා සහගත පහත් තැනැත්තෙකි. ඔහු උසස් තරාතිරමක සිටිය ද, කීර්තිය හා අධිකාරිත්වය තිබුණ ද ඒවා කිසිවක් වටින්නේ නැත.
මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. තම මූලාරම්භය පසින් නිමවූ තැනැත්තා අහංකාරකම් පෑම හෝ තමන් ගැන ඉහවහා යෑම හෝ සුදුසු වන්නේ නැත. සර් වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය එය සහතික කරයි. එනම්: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)

الملاحظة
جزاكم الله خيراً
النص المقترح خطَب النبي صلى الله عليه وسلم بالناس يوم فتح مكة، فقال: يا أيّها الناس، إنّ الله قد أذهب عنكم فَخْر الجاهليّة وتكبّرها وتعاظُمَها بآبائها، فالنّاس رَجُلان: الأول: مؤمنٌ تقيٌّ، فهو الخيِّر الفاضل الكريم على الله، وإلم يكن حسِيبًا في قومه، وهو الذي يجب أن يُحبَّ ويُحتَرم، والثاني: فاجرٌ شقيّ ذليلٌ عند الله، فهو الدَّنيّ وإن كان في أهله شريفًا رفيعًا، وهو الذي يجب أن يُبغض ويُتبرَّأ منه، والنّاس بنو آدَم، وخَلَق اللهُ آدمَ مِن تراب، فلا يليق بمن أصلُه التّراب النَّخوة والكِبْر، ثمّ تلا عليه الصلاة والسلام الآية التي تدلّ على أنّ المعيار الصَّحيح للتفاضل بين البشر هو التَّقوى، وأنّ الكريم عند الله هو التَّقيّ.

හදීසයේ හරය

  1. පෙළපත ගැන හෝ නිලය ගැන හෝ පුරසාරම් දෙඩීමේ තහනම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර