عَنْ أَبِي سَعِيدٍ رَضيَ اللهُ عنه:
أَنَّ جِبْرِيلَ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا مُحَمَّدُ اشْتَكَيْتَ؟ فَقَالَ: «نَعَمْ» قَالَ: «بِاسْمِ اللهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ بِاسْمِ اللهِ أَرْقِيكَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2186]
المزيــد ...
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම ජිබ්රීල් තුමා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ මුහම්මද්! ඔබ පැමිණිලි කර සිටියෙහි ද?" යැයි විමසීය. එවිට එතුමා "එසේය" යැයි පැවසූහ. එවිට ඔහු: "بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك "බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක" (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.)
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2186]
සුර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ විමසා සිටියේය. අහෝ මුහම්මද් ඔබ රෝගයෙන් පෙළෙන්නෙහි ද? එවිට එතුමාණෝ: එසේය යැයි පැවසූහ. පසුව ජිබ්රීල් අලයිහි වසල්ලම් තුමා තම ප්‍රකාශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට රැකවරණය පැතුවේය. "බිස්මිල්ලාහි" අල්ලාහ්ගෙන් උදව් පතමින් "උර්කීක" මම ඔබ වෙනුවෙන් රැකවරණය පතමි. "මින් කුල්ලි ෂෙය්ඉන්" කුඩා හෝ විශාල සෑම දෙයකින්ම. "මින් ෂර්රි කුල්ලි නෆ්සින්" සෑම නපුරු ආත්මයකින්ම. "අව් අය්නි හාසිදින්" ඔබට ඇතිවන ඇස්වහින්, අල්ලාහ් "යෂ්ෆීක" ඔබට සියලු රෝගවලින් නිවාරණය කර සුවය ලබා දී ආරක්ෂා කරනු ඇත. "බිස්මිල්ලාහි උර්කීක" අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. මෙය අතිශයෝක්ති ලෙස නැවත නැවතත් ප්‍රකාශ කිරීමකි. එමගින් ආරම්භ කර එමගින්ම අවසන් කර ඇත. ඉන් පෙන්වා දෙනුයේ සුවිශුද්ධ අල්ලාහ් හැර සෙත සළසන වෙනත් කිසිවකු නැති බවය.