«اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْت، وَأَتْبِعْ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقْ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».
[قال الترمذي: حديث حسن] - [رواه الترمذي]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව පවසමින් අබූ දර් තුමා හා මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ කොතැනක සිටිය ද ඒ අයුරින්ම අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරනු. නපුර සමග ඊට පරව යහපත ඉටු කරනු එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග දැහැමි හැදියාවෙන් යුතුව හැසිරෙනු.”
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත]
ඔබ කවර ස්ථානයක සිටියත් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබ නපුරක වැටුණු පසු යහපත සිදු කිරීමට යුහුසුළු වන්න. එවිට එය එම නපුරට ප්රතිකර්මයක් වනු ඇත. හදවතෙහි ඇති වන නපුරෙහි බලපෑමත් එහි දඬුවමත් ලේඛනයෙන් ඉවත් වනු ඇත. ජනයා ඔබ සමග කටයුතු කරන්නට ඔබ ප්රිය අයුරින්ම ඔබත් ජනයා සමග කටයුතු කරන්න.