නබි වදන් ලැයිස්තුව

1. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කතාව, එය සවන් දෙන සියලු දනන්හට වෙන් වෙන්ව පැහැදිලිව වටහා ගත හැකි කතාවක් විය.
عربي الإنجليزية الأوردية
2. “නුඹලා දැනුවත්වම අල්ලාහ්ට ආදේශයන් නොතබන්න.” යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය වනාහි. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා එම පාඨයේ සඳහන්: අල් අන්දාද් නම් අරාබි පදය රාත්රී අන්ධකාරයේ කළු මුඩු ගලක් මත කුහුඹුවා ගමන් කිරීමට වඩා සිහින්ව සිදුවන ආදේශ තැබීම යැයි අදහස් කර ඇත. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
3. වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?
عربي الإنجليزية الأوردية
4. බොරුකාරයකු ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු ලෙස ඔහු හැර වෙනත් කෙනෙකු මත දිවුරා සිටීමට වඩා මා වෙත ප්රියමනාපය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
5. මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.
عربي الإنجليزية الأوردية
6. හූනියම් දන්නා අයකුට මිස හූනියම ලිහිය නොහැක. - 3 ملاحظة
عربي الإنجليزية الأوردية
7. ඔබ අතරින් කිසිවකුගේ අතෙහි ඇති අබ ඇටයක් මෙන් මිස අහස් හත හා මහ පොළොවල් හත මහා කාරුණිකයාණන්ගේ අතෙහි නොවනු ඇත.
عربي الإنجليزية الأوردية
8. “අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම අඥාන යුගයේ එක් රාත්රියක හරම් දේවස්ථානයේ ඉඃතිකාෆ් සිටීමට භාරයක් වූයෙමි” යැයි පැවසීය. එතුමා ‘ඔබේ භාරය ඉටු කරන්න.’ යනුවෙන් එතුමා පැවසූහ.
عربي الإنجليزية الأوردية
9. “මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
عربي الإنجليزية الأوردية
10. හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.
عربي الإنجليزية الأوردية
11. අහෝ උසාමා! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද?
عربي الإنجليزية الأوردية
12. සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.
عربي الإنجليزية الأوردية
13. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනී වළක් මත එය වළ දමනු ලැබූ පසු සලාත් ඉටු කරමින් ඒ මත තක්බීර් හතරක් පවසන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
14. කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.
عربي الإنجليزية الأوردية
15. මා සිහිපත් කරන, මා ගැන (සිහිපත් කිරීමේදී) තම දෙතොල් සෙලවුණු මාගේ ගැත්තා සමග මම වෙමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
16. අහෝ ආදම්ගේ පුතණුවනි, මම රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මාගේ සුවදුක් නොවිමසුවෙහිය යැයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තිමත් හා සර්වබලධාරී වූ අල්ලාහ් පවසනු ඇත.
عربي الإنجليزية الأوردية
17. කවරෙකු තමන් වෙත රයිහාන් නම් සුවඳැති පැලෑටියක් පිළිගන්වන්නේ ද එය ඔහු ප්රතික්ෂේප නොකළ යුතුය. හේතුව නියත වශයෙන්ම එය පහසුවෙන් උසුලා ගෙන යා හැකි සුඟද වර්ගයකි.
عربي الإنجليزية الأوردية
18. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?
عربي الإنجليزية الأوردية
19. පුරුෂයකු තම අවශ්යතාව සඳහා තම බිරියව ඇරයුම් කළ විට, ඇය ලිප මොළවමින් සිටිය ද ඔහු වෙත ඇය යා යුතු වේ.
عربي الإنجليزية الأوردية
20. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් විකිණීම. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
21. පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
عربي الإنجليزية الأوردية
22. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවා වෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට සහ මිල දී ගන්නාට තහනම් කළේය.
عربي الإنجليزية الأوردية
23. යම් ගමනක තිදෙනෙකු පිටත්ව ගිය විට, ඔවුන් අතරින් එක් අයකු නායකයකු බවට ඔවුහු පත් කර ගත යුතුය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
24. අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය. - 3 ملاحظة
عربي الإنجليزية الأوردية
25. ගෞරවය යනු මාගේ යටි සළුවයි. අහංකාරය යනු මාගේ උඩු සළුවයි. එහෙයින් කවරෙකු ඒ දෙකින් කිසිවකින් මා නින්දාටව පත් කළේ ද මම ඔහුට දඬුවම් කරමි.
عربي الإنجليزية الأوردية
26. තම පියා නොවන (බව දැන සිටියදී ඔහු නොවන) කෙනෙකුට (ඔහුගේ පීතෘත්තවය සම්බන්ධයෙන්) වාද කරන මිනිසා දේවත්වය ප්රතික්ෂේප කළ අයකු මිස නැත. තමන්ට අයිති නොමැති දෙයක් සම්බන්ධයෙන් කවරෙකු වාද කළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. අපා ගින්නෙන් යුත් ඔහුගේ නවාතැන ඔහු වෙන් කර ගනිත්වා! කවරෙකු මිනිසෙකුට දේව ප්රතික්ෂේපය සම්බන්ධ කරමින් වාද කළේ නම් හෝ අල්ලාහ්ගේ සතුරා යැයි පවසා සිටියේ නම් හෝ ඔහු ද එසේ නොවන තත්ත්වයේ සිටියදී (වාද කළ) ඔහු ඒ වෙතටම යොමු වනවා මිස නැත.
عربي الإنجليزية الأوردية
27. අල්-කුර්ආනය ශබ්ද නඟා පාරායනය කරන රාගික කටහඬක් ඇති වක්තෘවරයෙකුට මෙන් දෙවියන් වහන්සේ කිසිවකට සවන් දී නැත.
عربي الإنجليزية الأوردية
28. එළුවන් ඇතිදැඩි කරන්නකු ලෙසින් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
29. අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
عربي الإنجليزية الأوردية
30. අල් කුර්සී හෙවත් රාජාසනය දෙපා අසළ පවතින්නකි. අර්ෂ් හෙවත් රාජධානිය එහි ප්රමාණය නිර්ණය කරන කිසිවකු නැත.
عربي الإنجليزية الأوردية
31. කවරෙකු පාලකයාව අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.
عربي الإنجليزية الأوردية
32. කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.
عربي الإنجليزية الأوردية
33. මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය.
عربي الإنجليزية الأوردية
34. මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය. ජින්නුන් ගිනි ජාලාවෙන් මවනු ලැබීය. ආදම් ඔබට වර්ණනා කරනු ලැබූ දැයින් මවනු ලැබීය.
عربي الإنجليزية الأوردية
35. දික්ර් (දෙවියන් මෙනෙහි කිරීමේ) සභාවන්හි මහිමය පිළිබඳ දන්වන හදීස්.
عربي الإنجليزية الأوردية
36. මාගේ ප්රජාවෙන් හැත්තෑ දහසක් දෙනා කිසිදු විනිශ්චයකින් හෝ කිසිදු දඬුවම් කිරීමකින් හෝ තොරව ස්වර්ගයට ඇතුළත් කරන බවට මාගේ පරමාධිපති මට ප්රතිඥා දී ඇත. ඒ සෑම හැත්තෑ දහසක් දෙනා සමග මාගේ පරමාධිපතිගේ අතලොස්ස තුනක් තිබෙනු ඇත.
عربي الإنجليزية الأوردية
37. සැබැවින්ම ලේ ඥාතීත්වය සමීපයෙන් බැඳී පවතින්නකි. රහ්මාන් වන මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් ගනු ලැබූවකි. ඒ සමග සම්බන්ධකම් පවත්වන්නා සමග ඔහු සම්බන්ධකම් පවත්වයි. එය කපා හරින්නා සමග සම්බන්ධකම් කපා හරියි. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
38. නුඹලා කිසිවකුගේ පානය තුළට මැස්සෙකු වැටුණු විට ඔහු එය එහි ගිල්වා පසුව එය ඉවත් කළ යුතු වේ. හේතුව සැබැවින්ම උගේ පියාපත් දෙකින් එකක රෝගය සහ අනෙකෙහි ප්රතිකාරය ඇති බැවිනි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
39. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එතුමාගේ නළලින් ආරම්භ කොට ජටාව මත පිරිමැද්දාහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරි මැද්දාහ.
عربي الإنجليزية الأوردية
40. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
41. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) එතුමාගේ මේ සපත්තු දෙක මතුපිටින් පිරිමදිනු මම දැක ඇත්තෙමි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
42. ඔබ දෙදෙනා මෙම ප්රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙපළට දඬුවම් කර ඇත්තෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
43. අපා වාසීන්ගෙන් ඉන් බැහැරට එන අවසානයා ගැනත් එමෙන්ම ස්වර්ග වාසීන්ගෙන් එය තුළට පිවිසෙන අවසානයා ගැනත් සැබැවින්ම මම මැනවින් දනිමි. නිරයෙන් බැහැර වී බඩගාමින් එන මිනිසෙකි. එවිට අල්ලාහ් ඔහුට මෙසේ පවසනු ඇත. “ඔබ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව ඔහු ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි ඔහු හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ඇවිත් ‘මාගේ පරමාධිපතියාණනි! එය පිරී තිබෙනු මම දුටුමි.
عربي الإنجليزية الأوردية
44. වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද? ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොව් පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද?
عربي الإنجليزية الأوردية
45. අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية