عَنِ أَبِي سَعِيدٍ الخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قِيلَ: يَا رَسُولَ اللَّهِ

أَيُّ النَّاسِ أَفْضَلُ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مُؤْمِنٌ يُجَاهِدُ فِي سَبِيلِ اللَّهِ بِنَفْسِهِ وَمَالِهِ»، قَالُوا: ثُمَّ مَنْ؟ قَالَ: «مُؤْمِنٌ فِي شِعْبٍ مِنَ الشِّعَابِ يَتَّقِي اللَّهَ، وَيَدَعُ النَّاسَ مِنْ شَرِّهِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙක්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?’ යැයි විමසීය. එතුමාණෝ: "c2">“අල්ලාහ්ගේ මාර්ගයේ තමන් හා තම ධනය කැප කරන දේව විශ්වාසී තැනැත්තා” යැයි පැවසූහ. පසුව කවුරුන්දැ?යි විමසීය. එතුමාණෝ: "c2">“කදු කපොල්ලක හුදකලාවේ තම පරමාධිපතිට නැමදුම් කරමින් තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ.” යැයි පැවසූහ. තවත් වාර්තාවක සඳහන් පරිදි: "c2">“අල්ලාහ්ට බැතිමත්ව තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ යැයි” සඳහන්ව ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්ය.

විවරණය

මිනිසුන් අතරින් වඩාත් ශ්රේෂ්ඨයා කවුරුන්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා තම ජීවිතය කැපකරමින් කටයුතු කරන මිනිසා යැයි පැහැදිලි කර සිටියේය. පසුව කවරෙකු දැ?යි විමසන ලදී. එතුමා අල්ලාහ්ට නැමදුම් කරන ජනයාගෙන් හානිය වළක්වාලන පුද්ගලයා යැයි පැවසූහ. එනම් ඔහුගෙන් කිසිදු හානියක් ජනයාට අත්වීම ඔහු ප්රිය කරන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර