عن أبي هريرة رضي الله عنه قال:

قَالُوا: يَا رَسُولَ اللهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ؟ قَالَ: «هَلْ تُضَارُّونَ فِي رُؤْيَةِ الشَّمْسِ فِي الظَّهِيرَةِ، لَيْسَتْ فِي سَحَابَةٍ؟» قَالُوا: لَا، قَالَ: «فَهَلْ تُضَارُّونَ فِي رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ، لَيْسَ فِي سَحَابَةٍ؟» قَالُوا: لَا، قَالَ: «فَوَالَّذِي نَفْسِي بِيَدِهِ لَا تُضَارُّونَ فِي رُؤْيَةِ رَبِّكُمْ، إِلَّا كَمَا تُضَارُّونَ فِي رُؤْيَةِ أَحَدِهِمَا، قَالَ: فَيَلْقَى الْعَبْدَ، فَيَقُولُ: أَيْ فُلُ، أَلَمْ أُكْرِمْكَ وَأُسَوِّدْكَ وَأُزَوِّجْكَ، وَأُسَخِّرْ لَكَ الْخَيْلَ وَالْإِبِلَ، وَأَذَرْكَ تَرْأَسُ وَتَرْبَعُ؟ فَيَقُولُ: بَلَى، قَالَ: فَيَقُولُ: أَفَظَنَنْتَ أَنَّكَ مُلَاقِيَّ؟ فَيَقُولُ: لَا، فَيَقُولُ: فَإِنِّي أَنْسَاكَ كَمَا نَسِيتَنِي، ثُمَّ يَلْقَى الثَّانِيَ فَيَقُولُ: أَيْ فُلُ، أَلَمْ أُكْرِمْكَ وَأُسَوِّدْكَ وَأُزَوِّجْكَ، وَأُسَخِّرْ لَكَ الْخَيْلَ وَالْإِبِلَ، وَأَذَرْكَ تَرْأَسُ، وَتَرْبَعُ، فَيَقُولُ: بَلَى، أَيْ رَبِّ فَيَقُولُ: أَفَظَنَنْتَ أَنَّكَ مُلَاقِيَّ؟ فَيَقُولُ: لَا، فَيَقُولُ: فَإِنِّي أَنْسَاكَ كَمَا نَسِيتَنِي، ثُمَّ يَلْقَى الثَّالِثَ، فَيَقُولُ لَهُ مِثْلَ ذَلِكَ، فَيَقُولُ: يَا رَبِّ آمَنْتُ بِكَ وَبِكِتَابِكَ وَبِرُسُلِكَ، وَصَلَّيْتُ وَصُمْتُ وَتَصَدَّقْتُ، وَيُثْنِي بِخَيْرٍ مَا اسْتَطَاعَ، فَيَقُولُ: هَاهُنَا إِذَن، قَالَ: ثُمَّ يُقَالُ لَهُ: الْآنَ نَبْعَثُ شَاهِدَنَا عَلَيْكَ، وَيَتَفَكَّرُ فِي نَفْسِهِ: مَنْ ذَا الَّذِي يَشْهَدُ عَلَيَّ؟ فَيُخْتَمُ عَلَى فِيهِ، وَيُقَالُ لِفَخِذِهِ وَلَحْمِهِ وَعِظَامِهِ: انْطِقِي، فَتَنْطِقُ فَخِذُهُ وَلَحْمُهُ وَعِظَامُهُ بِعَمَلِهِ، وَذَلِكَ لِيُعْذِرَ مِنْ نَفْسِهِ، وَذَلِكَ الْمُنَافِقُ وَذَلِكَ الَّذِي يَسْخَطُ اللهُ عَلَيْهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව අපි දකින්නෙමු ද?” යැයි විමසුවෝය. ඔහු "c2">“වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද?” යැයි විමසීය. ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොවූ පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද? යැයි විමසීය. ඔවුහු නැත යැයි පැවසුවෝය. ඔහු: "c2">“මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහුමත දිවුරා පවසමි. නුඹලා ඒ දෙකින් එකක් දැකීමෙහි නුඹලා අපහසුතාවයට පත් නොවනවාක් මෙන්ම නුඹලාගේ පරමාධිපතිව දැකීමෙහි නුඹලා අපහසුතාවයට පත් නොවනු ඇත.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: ඉතින් මම නුඹව ගරුත්වයට පත් නොකළෙම් ද ප්රධානීන් බවට පත් නොකළෙම් ද ඔබව විවාහ කර නොදුන්නෙම් ද අශ්වයින් හා ඔටුවන් නුඹට වසඟ කර නොදුන්නෙම් ද හිස ඔසවා කටයුතු කරන්නටත් සතුටින් වාඩිවන්නටත් මම නුඹව අත් නොහැරියෙම් ද? යැයි විමසයි. එවිට ඔහු: එසේය යැයි පවසයි. අල්ලාහ් : ‘සැබැවින්ම නුඹ මා හමුවීම ගැන සිතුවෙහි ද?’ යැයි විමසයි. ඔහු ‘නැතැ’යි පිළිතුරු දෙයි. ‘එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම නුඹව අමතක කරමි.’ යැයි පවසයි. පසුව දෙවැන්නා හමුවී මෙසේ පවසයි. "c2">“ඉතින් මම නුඹව ගරුත්වයට පත් නොකළෙම් ද ප්රධානීන් බවට පත් නොකළෙම් ද ඔබව විවාහ කර නොදුන්නෙම් ද අශ්වයින් හා ඔටුවන් නුඹට වසඟ කර නොදුන්නෙම් ද හිස ඔසවා කටයුතු කරන්නටත් සතුටින් වාඩිවන්නටත් මම නුඹව අත් නොහැරියෙම් ද?” යැයි විමසයි. ඔහු "c2">“එසේය” යැයි පවසයි. එවිට ඔහු ‘සැබැවින්ම නුඹ මා මුණ ගැසෙනු ඇතැයි සිතුවාද?” යැයි විමසයි. ඔහු "c2">“නැතැ”යි පිළිතුරු දෙයි. ඔහු: එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම නුඹව අමතක කරමි. යැයි පවසයි. පසුව තුන්වැන්නා මුණ ගැසෙයි. ඒ ආකාරයෙන්ම ඔහුට පවසයි. එවිට ඔහු: “මාගේ පරමාධිපතියාණනි! මම ඔබව විශ්වාස කළෙමි. එමෙන්ම ඔබේ ධර්ම ග්රන්ථය, ඔබේ දූතවරුන් විශ්වාස කළෙමි. මම සලාතය ඉටු කළෙමි. උපවාසය රැක්කෙමි. දානමාන කටයුතු සිදු කළෙමි. එසේ ඔහුට හැකි පමණින් යහපත පවසා වර්ණනා කරයි. එවිට ඔහු: “එසේ නම් මෙහි සිටින්නේ ඇයි? විමසයි. පසුව ඔහුට “ඔබට එරෙහිව අපි සාක්ෂි දරන්නෙකු අපි අවදි කරන්නෙමු. යැයි පවසයි. ඔහු: “මට එරෙහිව සාක්ෂි දරන්නා කවුරුන්දැ?යි ඔහු තුළම සිතන්නට ගනී. එවිට ඔහුගේ කටට මුද්රා තබනු ලැබේ. ඔහුගේ කලව, ඔහුගේ මාංශ, හා ඔහුගේ අස්ථිවලට “නුඹ කතා කරනු’ යැයි පවසනු ලැබේ. පසුව ඔහුගේ කලව ඔහුගේ මාංශ හා ඔහුගේ අස්ථි ඔහු ගැන දන්නා දෑ කතා කරයි. එසේ පවසා ඇත්තේ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන බැවිණි. ඔහු කුහකයෙකි. එමෙන්ම අල්ලාහ්ගේ කෝපය ඔහු මත අත් වූ අයෙකි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ඇතැම් සහාබාවරු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? යැයි විමසුවෝය. එවිට එතුමාණන් ඔවුනට: ‘වළාකුළ තුළ මුවා නොවූ එළිමහනේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේද?” එනම් හිරු නුඹලාට දසුන් නොවන පරිදි එය ආවරණය කරන වළාකුළු නොමැති මුළු ලොවටම ආලෝකය විහිදු වන මධ්යහ්නේ ඉහළින් පිහිටන වේලාවේ හිරු දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යැයි විමසුවෝය. එවිට ඔවුහු: "c2">“නැත” යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් එතුමා: "c2">“වළාකුළ තුළ මුවා නොවූ පුර පසලොස්වක රාත්රියේ සඳු දැකීම නුඹලාට අපහසු වන්නේ ද?” එනම් නුඹලාට එය දසුන් නොවන පරිදි ආවරණය කරන වළාකුළු නොමැති අහසේ, පැහැදිලි පුර පසළොස්වක දින සඳ දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යන්නයි. එවිට ඔවුහු: නැත යැයි පිළිතුරු දුන්නෝය. තවද ඔහු: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා ඒ දෙකින් එකක් දැකීමෙහි නුඹලා අපහසුතාවට පත් නොවනවාක් මෙන්ම නුඹලාගේ පරමාධිපතිව දැකීමෙහි ද නුඹලා අපහසුතාවට පත් නොවනු ඇත.” එනම් ඔහුගේ දසුන ඉතා පැහැදිළි දසුනකි. එකිනෙකා ඒ විෂයයෙහි විරුද්ධ වී බොරු කරන තරමට කුහකභාවය හෝ අපවාදය හෝ එහි නොවනු ඇත. එය හිරු හා සඳ දසුන් වීමෙහි කිසිදු සැකයක් හෝ කිසිදු ගැටලුවක් ඇති නොවන්නාක් මෙනි. සැබැවින්ම මෙහි උපමාව එය දසුන්වීම යන ක්රියාව තුළ පිහිටා ඇත. එය එහි කීර්තිය හා විද්යාමානය අනුව එහි හෝ ඒ හැර වෙනත් දෑහි සැකයක් ඇති නොවන පරිදි වේ. සැබැවින්ම සුවිශුද්ධයාණන් සියලු මැවීම්වලට සමාන වීමෙන් පිවිතුරුය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවසන් දිනයේ දර්ශණයක් පිළිබඳ දන්වා සිටියේය. එය සැබැවින්ම පරමාධිපතියාණන් ඔහුගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු හමුවීමය. ඔහුගේ ආශිර්වාදයන් ගැන ඔහුව පිළිගන්නට සළස්වමින් ඔහුට මෙසේ පවසයි: අහෝ පුද්ගලය! මම නුඹව උසස් නොකළෙම් ද? නුඹේ ප්රජාව තුළ නුඹව නායකයකු බවට පත් නොකළෙම්ද? නුඹේ වර්ගයාගෙන්ම නුඹට සහකාරියක් ඇති නොකළෙම්ද? ඇයගෙන් සුවපහසුකම් ඔබට සළසා දුනිමි. නුඹ අතර හා ඇය අතර ආදරය, කරුණාව, ලෙන්ගතුකම හා සෙනෙහස ඇති කළෙමි. එමෙන්ම මම නුඹට අශ්වයින් හා ඔටුවන් වසඟ කර නොදුන්නෙම් ද? නුඹේ ප්රජාවට නායකයකු බවට මම නුඹව පත් නොකළෙම්ද? සතුරන් විසින් දමා ගිය වස්තුව නුඹ නොගන්නෙහිය. අඥාන යුගයේ රජවරු එය ඔවුන් වෙනුවෙන් පමණක් වෙන් කර ගනිමින් සිටියෝය. පසුව මෙම සියලුම ආශිර්වාදයන් එම ගැත්තා පිළිගනීයි. පසුව පරමාධිපති මෙසේ විමසයි: ‘නුඹ මා මතු මුණ ගැසෙන බව නුඹ දැන සිටියාද? ඔහු ‘නැත’ යැයි පවසයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "c2">“එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම ද නුඹව අමතක කරමි.” යැයි පවසයි. එනම්: මෙලොවෙහි මට අවනත වීම නුඹ අත්හැරියාක් මෙන්ම අද දින මාගේ කරුණාවෙන් ද මම නුඹව අත්හරිමි. මෙහි අමතක කිරීම යනු දැනීමෙන් අත්හැර දැමීමය. උත්තරීතර අල්ලාහ් ද මෙසේ පවසයි. "c2">“සැබැවින්ම අපි නුඹලාව අමතක කරන්නෙමු. එහෙයින් නුඹලා සදාතනික දඬුවම විඳවනු.” පසුව පරමාධිපතියාණන් දෙවැන්නා මුණ ගැසෙයි. පළමු තැනැත්තා විෂයෙහි අල්ලාහ් ඔහුගෙන් විමසා, ඔහු ද පිළිතුරු දුන් කරුණ සඳහන් කරනු ලැබුවාක් මෙන්ම ඔහු විෂයයෙහි ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙනෙහි කළේය. පසුව තුන්වැන්නා මුණ ගැසී ඒ අයුරින්ම ඔහුගෙන් විමසයි. එවිට ඔහු: "c2">“මාගේ පරමාධිපතියාණනි! මම ඔබව විශ්වාස කළෙමි. එමෙන්ම ඔබේ ධර්ම ග්රන්ථය, ඔබේ දූතවරුන් විශ්වාස කළෙමි. මම සලාතය ඉටු කළෙමි. උපවාසය රැක්කෙමි. දානමාන කටයුතු සිදු කළෙමි.” යැයි පවසයි. එසේ ඔහුට හැකි පමණින් ඔහු ගැන අගය කරමින් සිටියි. පසුව පරමාධිපතියාණන් "c2">“එසේ නම් ඔබ මෙහි.” එනම් නුඹ ගැන වූ ප්රශංසාවන් නුඹ අගය කරමින් සිටින විට නුඹව හා නුඹගේ ක්රියාවන් අප දකින පරිදි ඒවාට එරෙහිව සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු ලබන පරිදි නුඹ මෙහි නතර වී ඇත්තේ ඇයි? පසුව ඔහුට මෙසේ පවසනු ලැබේ. "c2">“නුඹට එරෙහිව අපි සාක්ෂි කරුවන් ගෙන එන්නේ දැන් ය.” "c2">“මට එරෙහිව සාක්ෂි දරන්නා කවුරුන්දැ?”යි ඔහු තුළම ඔහු සිතන්නට ගනී. එවිට ඔහුගේ කටට මුද්රා තබනු ලබයි. ඔහුගේ කලව, ඔහුගේ මාංශ, හා ඔහුගේ අස්ථිවලට ‘නුඹ කතා කරනු’ යැයි පවසනු ලැබේ. පසුව ඔහුගේ කලව, ඔහුගේ මාංශ හා ඔහුගේ අස්ථි ඔහු ගැන දන්නා දෑ කතා කරයි. එසේ පවසා ඇත්තේ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට බලන බැවිණි.’ ඔහුගෙන් සිදු වූ බොහෝ පාපකම්වලට ඔහු ඉදිරිපත් කරන නිදහසට කරුණු අල්ලාහ් ඉවත් කරනු පිණිස ඔහුගේ ශරීර අවයව කතා කරන්නට සලස්වයි. නිදහසට කිසිදු කරුණක් ඔහුට ඉතිරි නොවන පරිදි ඔහුට එරෙහිව ඔහුගේ අවයව සාක්ෂි දරයි. මේ තුන්වැනි ගැත්තා අල්ලාහ්ගේ කෝපය ළඟා කරගත් කුහකයෙකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර