«مَا أَذِنَ اللهُ لِشَيْءٍ مَا أَذِنَ لِنَبِيٍّ حَسَنِ الصَّوْتِ يَتَغَنَّى بِالْقُرْآنِ يَجْهَرُ بِهِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 792]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්-කුර්ආනය ශබ්ද නඟා පාරායනය කරන රාගික කටහඬක් ඇති වක්තෘවරයෙකුට මෙන් දෙවියන් වහන්සේ කිසිවකට සවන් දී නැත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
මෙම හදීසයේ සලාතයේ හා වෙනත් ස්ථානවල අල් කුර්ආනය කියවන විට අලංකාර කටහඩින් පාරායනය කිරීමට උනන්දු කරවා ඇත. සැබැවින්ම එය ප්රසිද්ධියේ පාරායනය කරන විට කටහඬ අලංකාර කරමින්, ශෝකයේ මාර්ග උද්දීපනය කර සජ්ඣායනා කරමින්, ඒ හැර වෙනත් තොරතුරු එමගින් බැහැර කරමින්, ආත්මයේ පොහොසත්කම පතමින්, අතමිට සරු වීමේ අපේක්ෂාවෙන් එය පාරායනය කරමිනි. හදීසයේ සඳහන්ව ඇති පරිදි රාගිකව පාරායනය කිරීමෙන් අදහස් කරනුයේ එය අලංකාරවත් කරමින් පාරායනය කිරීමය. සංගීතයේ රිද්මය මෙන් එම ගායනාව පත් කර නැත.