«لِلَّهِ تِسْعَةٌ وَتِسْعُونَ اسْمًا، مِائَةٌ إِلَّا وَاحِدًا، لاَ يَحْفَظُهَا أَحَدٌ إِلَّا دَخَلَ الجَنَّةَ، وَهُوَ وَتْرٌ يُحِبُّ الوَتْرَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6410]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරමින් මෙසේ පවසන ලදී. “අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි.”
සැබැවින්ම අල්ලාහ් සතුව නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු හෝ වේවා ඔහු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් හිමි කර නොගනියි.” වනපොත් කිරීමෙන් අදහස් කරනුයේ එය කටපාඩම් කිරීමය. එමෙන්ම ඒවා විශ්වාස කොට, ඒ අනුව කටයුතු කර ඒ සෑම නාමයකම අර්ථයන්ට අනුකූලව අවනත වී එවා ඉදිරිපත් කරමින් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම යන අර්ථයෙන් ද ප්රකාශ වී ඇත. මෙම හදීසය තුළින් මෙම නාම ඇති බව ස්තීර කර ඇත. මීට අමතර සංඛ්යාවකින් ගණන් බැලීම වළක්වා ඇත. මෙම නාමවලට සුවිශේෂීකරණයක් ඇත. එය ඒවා ප්රසිද්ධ වන බැවින් හා ඒවායෙහි අර්ථ ඉතා පැහැදිළිව පිහිටා ඇති බැවිණි. මෙම ප්රකාශයේ ස්ථාවරය. “සැබැවින්ම සෙයිද්ට රන්කාසි දෙසීයක් ඇත. ඒවා ඔහු දන් දීම සඳහා ගණන් කළේය.” යන ප්රකාශයේ ස්ථාවරය මෙනි. මීට වඩා අධික ලෙස රන්කාසි ඔහු සතුව නොමැතැයි මින් අදහස් කරන්නේ නැත. සැබැවින්ම ඉන් පෙන්වා දෙනුයේ ඔහු එය දන්දීම සඳහා සූදානම් කර ඇතැයි යන්නයි. මෙම විග්රහයට ඉබ්නු මස්ඌද් තුමා වාර්තා කළ හදීසයක් ද පෙන්වා දෙයි. “ඔබ ගැන, ඔබ නම් කළ; එසේ නැතහොත් ඔබේ ග්රන්ථයේ ඔබ පහළ කළ; එසේත් නැතහොත් ඔබේ මැවීම් අතරින් ඔබ කිසිවකුට හෝ ඉගැන්වූ: එසේත් නැතහොත් ඔබ සතු ගුප්ත දෑහි දැනුම සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන ඔබ සතු සෑම නාමයක් තුළින්ම මම ඔබෙන් ඉල්ලමි.” මෙය සැබැවින්ම ඔහුගේ මැවීම්වලට නොදන්නා ඔහුගේ ග්රන්ථයේ පහළ නොවූ නාම ද අල්ලාහ් සතුව ඇති බව පෙන්වා දෙයි. “ඔහු කේවලය” එනම් අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. “ඔහු ඔත්තේ දෑ ප්රිය කරයි.” එනම් නැමදුම් තුළ හා අවනතවීම් බොහෝමයක් තුළ ඔහු මහිමයට පත් කරනු ලබන බවයි. පස්වාරයක් සලාත් ඉටු කිරීමත් හත්වතාවක් තවාෆ් කිරීමත් බොහෝ නැමදුම්වල තුන්වරක් බවට පත් කර තිබීමත් අහස් හතක් බවට හා පොළෝ හතක් බවට නිර්මාණය කර තිබීමත් ඒ හැර වෙනත් ඔත්තේ කරුණු අල්ලාහ් නියම කර තිබීමත් ඒ හේතුවෙනි.