ප්‍රවර්ගය: . .
+ -
عَنْ أُسَامَةَ بْنِ زَيْدِ رضي الله عنهما قَالَ:

بَعَثَنَا رَسُولُ اللَّهِ صلى الله عليه وسلم إِلَى ‌الْحُرَقَةِ ‌مِنْ ‌جُهَيْنَةَ، قَالَ: فصبَّحنا الْقَوْمَ فَهَزَمْنَاهُمْ، قَالَ: وَلَحِقْتُ أَنَا وَرَجُلٌ مِنْ الْأَنْصَارِ رَجُلًا مِنْهُمْ، قَالَ: فَلَمَّا غَشِينَاهُ قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ، قَالَ: فَكَفَّ عَنْهُ الْأَنْصَارِيُّ، فَطَعَنْتُهُ بِرُمْحِي حَتَّى قَتَلْتُهُ، قَالَ: فَلَمَّا قَدِمْنَا بَلَغَ ذَلِكَ النَّبِيَّ صلى الله عليه وسلم، قَالَ: فَقَالَ لِي: «يَا أُسَامَةُ، أَقَتَلْتَهُ بَعْدَ مَا قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ». قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، إِنَّمَا كان متعوذًا، قال: «أقتلته بعدما قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ». قَالَ: فَمَا زَالَ يُكَرِّرُهَا عَلَيَّ، حَتَّى تَمَنَّيْتُ أَنِّي لَمْ أكن أسلمت قبل ذلك اليوم.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6872]
المزيــد ...

උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුහයිනා ගෝත්රයේ අල් හුරකා ප්රජාව වෙත අප එවූහ. අප ද එම පිරිස වෙත ඔවුන්ගේ ජලාශ්රයක් අසළට උදෑසන පැමිණියෙමු. මා හා අන්සාරිවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතරින් වූ මිනිසෙකු දුටුවෙමි. අපි ඔහු ආක්රමණය කළ කල්හි ඔහු ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පැවසීය. එවිට එම අන්සාරිවරයා ඔහුගෙන් වැළකී සිටි අතර මම ඔහු මරා දමන තුරු මාගේ හෙල්ලෙන් ඔහුට ඇන්නෙමි. පසුව අපි මදීනාවට පැමිණි කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා මට: “අහෝ උසාමා! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි. සැබැවින්ම ඔහු එසේ කටයුතු කළේ ආරක්ෂාව පතන්නෙකු ලෙස යැයි. පැවසුවෙමි. එවිට එතුමා ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි නැවත විමසා සිටියහ. මෙදිනට පෙර සැබැවින්ම මම ඉස්ලාමය වැළඳ නොසිටින්නට තිබුණි යැයි සිතන තරමටම එතුමා එසේ පවසමින්ම සිටියේය. තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණන් “ඔබ ඔහු ඝාතනය කළ අවස්ථාවේ ඔහු ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි පවසා සිටියේ ද?” යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ අසිපතට බියෙනි යැයි පැවසුවෙමි. එතුමා: ‘ඔහු එය එසේ පැවසුවේ ද නැත් ද? යන්න වග ඔබ දැනගන්නට ඔහුගේ හදවත පළා බැලුවෙහි ද යැයි විමසීය. සැබැවින්ම මා ඉස්ලාමය වැළඳ ගන්නට තිබුණේ මෙදින යැයි සිතන තරමටම එතුමා එසේ නැවත නැවතත් පවසමින්ම සිටියේය. ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරුන් අතරින් පිරිසක් දේවත්වය ආදේශ කරන පිරිසක් වෙත එවා සිටියහ. ඔවුහු ඔවුන් හමු වූහ. දේවත්වය ආදේශ කරන එම පිරිසගෙන් මිනිසෙකු විය. ඔහු මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු සෙවීමට සිතූවේ නම්, ඔහුව සොයා ඝාතනය කරන්නට විය. නමුත් සැබැවින්ම මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු එම පැතුම ඉටු කළේය. ‘සැබැවින්ම ඔහු උසාමා ඉබ්නු සෙයිද් යැයි අප කතා කරමින් සිටියෙමු. ඔහුට එරෙහිව ඔහු අසිපත එසවූ කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි ඔහු පැවසීය. නමුත් ඔහු ඔහුව ඝාතනය කළේය. පසුව බෂීර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ඒ ගැන විමසා සිටියහ. එම පුද්ගලයා කටයුතු කළේ කෙසේ දැයි යන්න වග ඔහු ගැන තොරතුරු දන්වා සීටියේය. පසුව ඔහුව කැඳවා ඔහුගෙන් “ඔබ ඔහුව ඝාතනය කළේ ඇයි? දැයි විමසා සිටියහ. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි, මුස්ලිම්වරුන් අතරට වඩාත් වේදනාව ගෙන දුන් අයෙකි. මේ මේ පුද්ගලයාව ඔහු මරා දමා ඇත. ඔහුට එක් කණ්ඩායමක් ලෙසින් නම් කර තිබිණ. මම ඔහුට එරෙහිව නැගී සිටියෙමි. ඔහු අසිපත දුටු කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණන්: ‘ඔබ ඔහු මරා දැමුවෙහි ද?’ යැයි විමසූහ. ඔහු: එසේය. එතුමා: ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? අල්ලාහ්ගේ දූතයාණනි මා වෙනුවෙන් සමාව අයැද සිටින්නැයි පවසා සිටියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? එතුමා මෙසේ ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද?’ යැයි පැවසීමට වඩා අමතර දෙයක් නොපවසන්නට වූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ ඉමාම් මුස්ලිම් මෙය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජුහයිනා ගෝත්රයේ අල් හුරුකා ප්රජාව වෙත උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමාව ගවේෂණ කණ්ඩායමක එවූහ. ඔවුහු එම පිරිසට ළඟා වූ කල්හි ඔවුන්ව ආක්රමණය කළෝය. දෙවත්වයට ආදේශ තබන්නන් අතරින් මිනිසෙකු පලා යන්නට තැත් කළේය. එවිට උසාමා හා තවත් අන්සාරි පුද්ගලයකු ඔහුව හමු වූ කල්හි ඔවුන් දෙදෙනා ඔහුව ලුහුබැද ගොස් මරා දමන්නට සිතූහ. පසුව ඔහුව අල්ලාගත් කල්හි ඔහු: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසූ හේතුවෙන් අන්සාරී පුද්ගලයා ඔහුව අතහැර දැමූ නමුත් උසාමා ඔහුව ඝාතනය කළේය. ඔවුහු මදීනාවට නැවත හැරී ආ කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා උසාමා දෙස බලා “‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීමෙන් පසුවද ඔබ ඔහුව මරා දැමුවේ” යැයි විමසූහ. ඔහු: එසේය, අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ ඝාතනය කරනු ලැබීමෙන් ආරක්ෂාව ලබා ඉන් වාසි ලබනු පිණිසය. එතුමා නැවතත්: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමෙන් පසුව ද ඔබ ඔහු ඝාතනය කළේ? යැයි විමසූහ. එසේය. ඔහු ඝාතනයට ලක්වීමෙන් ආරක්ෂාව පතනු පිණිසය ඔහු එය පවසා සිටියේ. සැබැවින්ම ඔහු මුස්ලිම්වරුන්ට හිංසා කර තිබිණ. ඔවුන් අතර මේ මේ පුද්ගලයින් මරා දමා තිබිණ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට: එය ස්ථීර කර ගන්නා පරිදි තහවුරු කර ගනු පරිදි ඔබ ඔහුගේ හදවත පළා බැලුවෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? ඔබ වෙනුවෙන් මැදිහත් වන්නේ කවරෙකු ද? ඔබ වෙනුවෙන් තර්ක කරනුයේ කවරෙකු ද? තව්හීද් හි ප්රකාශය ගෙන එනු ලැබ, එය පැවසූ අය ව ඔබ ඝාතනය කළේ කෙසේ දැ?යි විමසනු ලැබූ විට ඒ ගැන වාද කරනුයේ කවරෙකු ද? උසාමා රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසා සිටියහ. මෙදිනට පෙර මම ඉස්ලාමය වැළඳගෙන නොසිටියා නම් යැයි සිතන තරමටම එය විය. සැබැවින්ම ඔහු දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු වී පසුව ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නම්, අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. නමුත් ඔහු දැන් මෙම ක්රියාව කර ඇත්තේ මුස්ලිම්වරයකු ලෙස සිටියදීය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • .
අමතර