«مَنْ عَلِمَ الرَّمْيَ، ثُمَّ تَرَكَهُ، فَلَيْسَ مِنَّا» أَوْ «قَدْ عَصَى».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1919]
المزيــد ...
උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
සැබැවින්ම හී විසි කිරීම පිළිබඳ හෝ තුවක්කුවකින් වෙඩි තැබීම වැනි නව ආයුධයක් පිළිබඳ හෝ දැනුම ලබා පසුව එය කවරෙකු නිකරුණේ අතහැර දැමුවේ ද සැබැවින්ම ඔහු පාපය වෙත තමන්ව ඉදිරිපත් කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙතින් දුරස් විය. එහෙයින් “ඔහු අප අතරින් කෙනෙකු නොවීය.” යැයි පැවසීය. සැබැවින්ම මෙම පාපය තර්ජනාත්මක මෙන්ම දැඩි අවවාදයෙන් යුත් මහා පාපයන් අතරින් එකක් බව මෙහි ඇති දැඩි අවවාදය තුළින් පෙන්වා දෙයි. “එසේ නැතහොත් පිටුපෑවේය.” මෙය වාර්තාකරුට මතු වූ සැකයකි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත්තේ “ඔහු අප අතරින් කෙනෙකු නොවීය” යනුවෙන් ද එසේ නැතහොත් “ඔහු පිටුපෑවේය” යනුවෙන් යන්න ගැන මතු වූ සැකයයි.