عن أَبِي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللهُ عنه قَالَ: قَالَ رَسُولُ اللهُ صلَّى اللهُ عليهِ وَسَلَّم:
«لَقِّنُوا مَوْتَاكُمْ لَا إِلَهَ إِلَّا اللهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 916]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
"ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 916]
"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒක දේවවාදයේ වචනය, මිය යන අය ඉදිරියේ ප්‍රකාශ කරන මෙන් ද එය නැවත නැවත පවසා සිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අප දිරිමත් කර ඇත්තාහ. එය ඔවුන්ගේ අවසන් ප්‍රකාශය එම වචනය වනු පිණිසය.