1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් මාගේ මිනීවල උත්සව සමරන්නට නොගන්න. නුඹලාගේ නිවාස මිනීවලවල් බවට පත් කර නොගන්න. නුඹලා මට සලවාත් පවසන්න. සැබැවින්ම නුඹලාගේ සලාම් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා හට දන්වනු ලබනු ඇත.

عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ أَنَّهُ رَأَى رَجُلاً يَجِيءُ إلَى فُرْجَةٍ كَانَتْ عِنْدَ قَبْرِ النَّبِيِّ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ فَيَدْخُلُ فِيهَا فَيَدْعُو فَدَعَاهُ، فَقَالَ: أَلاَ أُحَدِّثُكَ بِحَدِيثٍ سَمِعْتُهُ مِنْ أَبِي عَنْ جَدِّي عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ، قَالَ:

«لاَ تَتَّخِذُوا قَبْرِي عِيدًا، وَلاَ بُيُوتَكُمْ قُبُورًا وَصَلُّوا عَلَيَّ فَإِنَّ صَلاَتَكُمْ وَتَسْلِيمَكُم يَبْلُغُنِي حَيْثُمَا كُنْتُمْ».

අලී ඉබ්නු අල් හසන් විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල අසළ තිබූ විවරයක් වෙත පැමිණ එහි ඇතුළු වී ප්රාර්ථනා කරන්නට විය. එවිට එතුමා ඔහුව වැළැක්වීය. එතුමා: අල්ලාහ්ගේ දූතයාණන් විසින් මාගේ සීයා ලබා ගෙන ඔහු විසින් මාගේ පියා ලබා ගෙන පවසා; එයට මා සවන් දුන් හදීසයක් මම නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද? “මාගේ මිනීවල උත්සව සමරන්නට නොගන්න. නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත් කර නොගන්න. නුඹලා මට සලවාත් පවසන්න. සැබැවින්ම නුඹලාගේ සලාම් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා හට දන්වනු ලබනු ඇත.”

හදීසය පැමිණි ඇති මාර්ග හා අනු සාක්ෂි තුළින් පූර්ව සාධක සහිත හදීසයකි ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත

විවරණය

අලී ඉබ්නු අල් හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල අසල අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මිනිසකු දුටුවේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල බැහැදැකීම උත්සවයක් ලෙස ගැනීමෙන් එතුමා වළක්වා ඇති බවටත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් හා ඔහුව මෙනෙහි කිරීමෙන් ගෙවල් දුරස් කිරීමෙන් හා ඒවා මිනීවලවල්වලට සමාන කිරීමෙන් එතුමා වැළැක්වූ බවටත්. සැබැවින්ම මුස්ලිම්වරයාගේ සලාමය ඔහු කවර ස්ථානයක සිටි සලාම් පැවසුවද එය තමන්ට දන්වනු ඇති බවටත් වාර්තාවී ඇති හදීසයක් ආධාරකයක් ලෙස ගෙන හෙතෙම ඔහුව වැළක්වූ බව අපට දන්වා සිටියි.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية
සංස්කරණ
  • . .
  • .