1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් ඉවත් වනු, ඔබට හැකියාව ඇති දෑ ඔබ පිළිපදිනු. එහෙයින් අල්ලාහ් මත දිවුරා සිටිමි. නුඹලා විඩාවට පත්වන තෙක් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. ඔහු වෙත දහමෙහි වඩාත් ප්රියමනාප වනුයේ එය ඉටු කරන්නා එහි අඛණ්ඩව රැඳී සිටීමය.

عن عائشة رضي الله عنها : أن النبي صلى الله عليه وسلم دخل عليها وعندها امرأة، قال: «من هذه؟» قالت: هذه فلانة تذكر من صلاتها. قال: «مَهْ، عليكم بما تطيقون، فوالله لا يَمَلُّ الله حتى تَمَلُّوا» وكان أحب الدين إليه ما داوم صاحبه عليه.

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා විසින් වාර්තා කරන ලදී. ඇය සමග කාන්තාවක් සිටියදී එතුමා එය වෙත පැමිණ, මැය කවුරුන්දැයි විමසා සිටියහ. ඇයගේ සලාතය පිළිබඳ සිහිපත් කරමින් ඇය මැය වේ යැයි පවසා සිටියහ. එතුමණෝ, “ඉවත් වනු, ඔබට ශක්තිය ඇති දෑ ඔබ පිළිපදිනු. එහෙයින් අල්ලාහ් මත දිවුරා සිටිමි. නුඹලා විඩාවට පත්වන තෙක් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. ඔහු වෙත දහමෙහි වඩාත් ප්රියමනාප වනුයේ එය ඉටු කරන්නා එහි අඛණ්ඩව රැඳී සිටීමය.“ යැයි පැවසූහ.

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

කාන්තාවක් ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය මුණ ගැසී, තමන්ගේ නැමදුම් හා සලාතය පිළිබඳ මෙනෙහි කරමින් සිටියාය. ආඉෂා තුමිය එය අල්ලාහ්ගේ දූතයාණන්හට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දන්වා සිටියාය. එවිට නැමදුමෙහි සීමාව ඉක්මවා යාමත් තමන් ශක්තිය නොදරන දෙයක තම ආත්මය බර කර ගැනීමත් එතුමා ඇයට තහනම් කළහ. එමෙන්ම නියත වශයෙන්ම අල්ලාහ් ඔබ විඩාවට පත් වී අතහැර දමන තෙක් ඔබ වෙහසින් කරන ක්රියාවන් සම්බන්ධයෙන් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. එහෙයින් ඔබට කුසල් හා භාග්යය නිරතුරුව ලබනු පිණිස ඔබ අඛණ්ඩව සිදු කළ හැකි දෙයක් ක්රියාවට නැංවීම අවශ්ය වේ යැයි එතුමා පැවසුහ.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
TA தமிழ் التاميلية