عن أبي ربعي حنظلة بن الربيع الأسيدي الكاتب- رضي الله عنه- أحد كتاب رسول الله صلى الله عليه وسلم قال: لقيني أبو بكر رضي الله عنه فقال: كيف أنت يا حنظلة؟ قلت: نافق حنظلة! قال: سبحان الله ما تقول؟! قلت: نكون عند رسول الله صلى الله عليه وسلم يُذَكِّرُنَا بالجنة والنار كأنا رَأْىَ عَيْنٍ فإذا خرجنا من عند رسول الله صلى الله عليه وسلم عَافَسْنَا الأزواج والأولاد وَالضَّيْعَاتِ نسينا كثيرا، قال أبو بكر رضي الله عنه : فوالله إنا لنلقى مثل هذا، فانطلقت أنا وأبو بكر حتى دخلنا على رسول الله صلى الله عليه وسلم . فقلت: نافق حنظلة يا رسول الله! فقال رسول الله صلى الله عليه وسلم : «وما ذاك؟» قلت: يا رسول الله، نكون عندك تذكرنا بالنار والجنة كأنا رأي العين فإذا خرجنا من عندك عافسنا الأزواج والأولاد والضيعات نسينًا كثيرًا. فقال رسول الله صلى الله عليه وسلم : «والذي نفسي بيده، لو تدومون على ما تكونون عندي، وفي الذِّكْر، لصافحتكم الملائكة على فرشكم وفي طُرُقِكُمْ، لكن يا حنظلة ساعة وساعة» ثلاث مرات.
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගේ ලේඛකයකු වූ අබූ රිබ්ඊ හන්ළලා ඉබ්නු අර් රබීඃ අල් උසය්යිදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා මා හමු වූහ. එවිට එතුමා, “අහෝ හන්ළලා ඔබට කෙසේදැ?“යි විමසා සිටියහ. මම, “හන්ළලා කුහකයකු විය.“ යැයි පැවසුවෙමි. එතුමා, “සුබ්හානල්ලාහ්! ඔබ කුමක් පවසන්නෙහිද?“ යැයි ඇසූහ. මම, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඉදිරියේ අපි සිටින්නෙමු. අප දෑසින් දකින්නාක් මෙන් එතුමා අපට ස්වර්ගය හා නිරය පිළිබඳ මෙනෙහි කරයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියසින් අප බැහැරට ගොස් අපගේ බිරියන් දරුවන් හා ජීවනෝපාය මාර්ගයන්හි අපි කල් ගත කරන්නෙමු. අපි බොහෝ දෑ අමතක කර දමන්නෙමු“ යැයි පැවසුවෙමි. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා, “අල්ලාහ් මත දිවුරා පවසමි. මේ හා සමානව අපද මුහුණ දෙන්නෙමු.“ යැයි කීහ. පසුව මා හා අබූ බක්ර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිසෙන තෙක්ම ගමන් ගත්තෙමු. පසුව මම, “අල්ලාහ්ගේ දූතයාණනි! හන්ළලා කුහකයකු විය“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ, “ඒ කුමක්දැ?“යි විමසා සිටියහ. මම, අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ අබියස සිටින්නෙමු. අපි දෑසින් දකිනවාක් මෙන් ඔබ අපට ස්වර්ගය හා නිරය ගැන මෙනෙහි කරන්නෙහිය. අපි ඔබ අබියසින් පිටත්ව ගිය විට බොහෝ දෑ අප අමතක කර දමා බිරියන් දරුවන් හා ජීවනෝපා මාර්ගයන්හි නිරත වන්නෙමු.“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි, ඔබ මා ඉදිරියේ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ අනුවම අඛණ්ඩව සිටින්නෙහු නම්, තවද මෙනෙහි කිරීමෙහි නිරතව සිටින්නෙහු නම් මලක්වරු ඔබේ නිදියහන මත ද ඔබ ගමන් කරන මාර්ග මත ද ඔබලාට දෑත් විහිදුවාලති. එහෙත් අහෝ හන්ළලා!, (එකිනෙකට) හෝරාවක් හෝරාවක් ඇත.“
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියේ තමන් සිටින තත්ත්වයේ නොව (එතැනින් බැහැර වූ විට) ඊට වෙනස් තත්ත්වයක තමන් සිටින බවට හන්ළලා තුමා අබූ බක්ර් අස් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමාට දැනුම් දුන්හ.එනම්,ඔවුන් අල්ලාහ්ව මෙනෙහි කරන විට එක් තත්ත්වයක සිටියද ඔවුන් තම දරුවන් බිරියන් හා මෙලොව කටයුතුවලදී මුසු වන විට ඔවුන්ගේ තත්ත්වයන් වෙනස් වන බවයි. එයෙින් ඔහු එය කුහකත්වය ලෙස සිතූවෙය. ඇත්තෙන්ම කුහකත්වයේ සැබෑ ස්වරූපය වනුයේ, ඇතුළාන්තයේ ඇති තත්ත්වයක් නොවන වෙනත් තත්ත්වයක් හෙළි දැක්වීමය. මෙය ඔවුන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටි කල්හි, එතුමා ඔවුනට, “මා අබියස ඔබ සිටියදී ඇති තත්ත්වය මත නිරතුරුවම සිටින්නෙහු නම් මලක්වරු ඔබ වෙත අත් දිගු හරිනු ඇත. එය ඔබේ සෑම අවස්ථාවකම සිදු වේ. නමුත් මධ්යස්ථව කටයුතු කිරීම අවශ්යය. හෝරාවක් තම පරමාධිපතිට, සහ හෝරාවක් තම පවුල හා තමන්ගේ ලෝකයට යන්නෙන් වෙන්කර ගත යුතුය“ යැයි පැවසුහ.