1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් විකිණීම.

عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: «أن رسول الله صلى الله عليه وسلم نهى عن الْمُنَابَذَةِ-وهي طرح الرجل ثوبه بالبيع إلى الرجل قبل أن يقلبه، أو ينظر إليه-، ونهى عن الْمُلَامَسَةِ -والملامسة: لمس الرجل الثوب ولا ينظر إليه-».

අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකුණුම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් එය විකිණීම.

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

වංචාසගත ව්යාපාර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේය. එය ගනුදෙනු කරුවන්ගෙන් කිසිවකුට හෝ විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී හෝ තමන් සතු අයිතියක් අහිමි කිරීමෙන් හිංසා පමුණුවීම එහි ඇතුළත්ව ඇති බැවිණි. එය විකුණන්නාට හෝ මිලදී ගන්නාට හෝ ඔවුන් දෙදෙනාටම හෝ නොදැනුවත් ව්යාපාරික භාණ්ඩයක් වීම මෙනි. මුනාබදා ව්යාපාර ක්රමය ද ඒ අතරින් එකකි. උදාහරණයක් ලෙස ව්යාපාරිකයා පාරිභෝගිකයා වෙත ඇඳුම් ඉදිරිපත් කරයි. එය පෙරළා පෙන්වන්නට හෝ ඒ දෙස බලන්නට කලින් ගනුදෙනුව අවසන් කර ගනී. මුලාමසා ව්යාපාර ක්රමය ද ඒ හා සමාන තවත් එකකි. එය ඇඳුම දෙස බලන්නට හෝ පෙරළන්නට මත්තෙන් එය ස්පර්ශ කිරීමෙන් පමණක් ව්යාපාර ගිවිසුම ඇති කර ගන්නාක් මෙනි. මෙම ගිවිසුම් දෙකම ගිවිසගත් භාණ්ඩයේ නොදැනුවත් කම හා වංචාව ඇති කරන්නක් වේ. ඒ අනුව ගනුදෙනු කළ අයගෙන් එක් අයකු ණය ගැත්තෙකු හෝ ණය හිමියකු යන අවධානමට පත්වනු ඇත. එහෙයින් ඒ දෙදෙනාම තහනම් කරන ලද දෑට ප්රවේශ වනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية