عن أنس بن مالك رضي الله عنه مرفوعاً: «أن رسول الله صلى الله عليه وسلم نهى عن بيع الثمار حتى تُزْهِي. قيل: وما تُزْهِي؟ قال: حتى تَحمَرَّ. قال: أرأيت إن مَنَعَ اللهُ الثمرة، بِمَ يستحِلُّ أحدُكُم مال أخيه؟».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

පළතුරු පළ ගැන් වී ප්රදර්ශන තත්ත්වයේ තිබීම බොහෝ අර්බුධවලට හේතුවක් වන්නේය. එම වේලාවේ එය විකිණීමෙන් ගැනුම්කරුට යහපතක් වන්නේ නැත. එබැවින් එය පැහෙන තුරු එය ගනු දෙනු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගනුදෙනුකරුවන්ට තහනම් කළේය. එනම් පල ගැන්වී පැහීමය. රතු පැහැ ගැන්වීම හෝ කහ පැහැ ගැන්වීම එය පැහී ඇති බව පෙන්වා දෙයි. පසුව එයට හෝ ඉන් කොටසකට හෝ යම් ව්යසනයක් පැමිණීමෙන් එය මිලට ගත් අයට අල්ලාහ් තහනම් කළේ නම්, අහෝ විකුණුම් කරුවනි, එසේ මිලට ගත් ඔබේ සහෝදරයාගේ ධනය ඔබට අනුමත වන්නේ කුමකින්ද? ප්රයෝජනයක් නොමැති භාණ්ඩයක් නොමැතිව එය ඔබ ගනුයේ කෙසේදැ?යි විමසමින් හේතු පැනවීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර