1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”

عن أبي موسى الأشعري رضي الله عنه قال: ((أتَيتُ النبي صلى الله عليه وسلم وهو يَسْتَاكُ بِسِوَاك رَطْب، قال: وطَرَفُ السِّوَاك على لسانه، وهو يقول: أُعْ، أُعْ، والسِّوَاك في فِيه، كأنَّه يَتَهَوَّع)).

අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී තමන් එතුමාණන් වෙත පැමිණි බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කර සිටියේය. සැබැවින්ම එතුමාගේ පිරිසිදු කිරීම පූර්ණවත් පිරිසිදු කිරීමක් විය. එය මුඛය තුළින් කිසිවක් හැළී පීඩාවක් නොවනු පිණිසය. මිස්වාක් දැහැටිය එතුමාගේ දිව මත තබා කට පිරිසිදු කිරීමේදී වමනය කරන්නාක් මෙන් ගැඹුරින් කට කාරා සෝදා හැරියහ.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية