عن أبي زيد عمرو بن أخطب الأنصاري رضي الله عنه : صلى بنا رسول الله صلى الله عليه وسلم الفجر، وصعد المنبر، فخطبنا حتى حضرت الظهر، فنزل فصلى، ثم صعد المنبر فخطبنا حتى حضرت العصر، ثم نزل فصلى، ثم صعد المنبر فخطبنا حتى غربت الشمس، فأخبرنا بما كان وبما هو كائن، فأَعْلَمُنَا أَحْفَظُنَا.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ සෙයිද් අම්ර් ඉබ්නු අක්තබ් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට ෆජ්ර් සලාතය මෙහෙය වූහ. එතුමා මින්බර් වේදිකාවට නැග ලුහර් උදාවන තෙක්ම අපට දේශනා කළහ. පසුව ඉන් බැස සලාතය මෙහෙය වූහ. පසුව මින්බරයට නැග අසර් උදාවන තෙක්ම අපට දේශනා කළහ. පසුව බැස සලාතය මෙහෙය වූහ. පසුව මින්බරයට නැග හිරු අවරට යන තෙක්ම අපට දේශනා කළහ. එවිට සිදු වූ දෑ පිළිබඳවත් සිදුවන්නට තිබෙන දෑ පිළිබඳවත් අපට දැනුම් දුන්හ. අප අතර එය මැනවින් අවබෝධ කර ගත් අය, අප අතුරින් වඩාත් මතක (ශක්ති)යක් ඇති පුද්ගලයින් වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

දිනක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෆජ්ර් සලාතය මෙහෙයවා මින්බරයට නැග ලුහර් අදාන් පවසන තෙක්ම ජනයාට දේශනා කළහ. පසුව බැස ලුහර් සලාතය ඉටු කළහ. පසුව නැවතත් මින්බරයට නැග අසර් අදාන් පවසන තෙක් දේශනා කළහ. පසුව බැස අසර් සලාතය ඉටු කළහ. පසුව මින්බරයට නැග හිරු අවරට යන තෙක්ම දේශනා කළහ. එනම් ෆජ්ර් සලාතයේ සිට හිරු බැස යන තෙක්ම සම්පූර්ණ දිනයක්ම දේශනා කළහ. එදින අල්ලාහ් එතුමාණන්ට ගෙවී ගිය අතීතයේ පැවති ගුප්ත දැනුමෙන් යමක් ද අනාගතයේ සිදුවන්නට යන ගුප්ත දැයින් යමක්ද දන්වා සිටියේය. එය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම මිතුරන්ට දන්වා සිටියහ. එදින එතුමා විසින් පැවසූ දෑ මැනවින් දැනගත් උදවිය වූයේ කටපාඩම් කර ගනිමින් එය තම මතකයේ ස්ථාපිත කරගත් අය වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර