ප්‍රවර්ගය: . . . .
+ -
عن عَبْدَ اللهِ بْنَ زَيْدِ بْنِ عَاصِمٍ الْمَازِنِيَّ، يَذْكُرُ أَنَّهُ:

رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَمَضْمَضَ ثُمَّ اسْتَنْثَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا، وَيَدَهُ الْيُمْنَى ثَلَاثًا وَالْأُخْرَى ثَلَاثًا، وَمَسَحَ بِرَأْسِهِ بِمَاءٍ غَيْرِ فَضْلِ يَدِهِ، وَغَسَلَ رِجْلَيْهِ حَتَّى أَنْقَاهُمَا.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු සෙzයිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වුළූ ගත් සැටි තමන් දුටු බව මතක් කරමින් මෙසේ පැවසූහ. එතුමා වුළූ ගත්හ. කට කළත්වා සෝදා හැරියහ. පසුව නාසය සූරා පිරිසිදු කළහ. පසුව එතුමාගේ මුහුණ තුන් වරක් ද එතුමාගේ දකුණත තුන් වරක් ද අනෙක ද තුන්වරක් ද සෝදා හැරියහ. එතුමාගේ අතෙහි ඉතිරි දැයින් නොවන (වෙනත්) ජලය උපයෝගි කර ගනිමින් එතුමාගේ හිස පිරිමැද්දාහ. එතුමාගේ පාද දෙක පිරිසිදු වන තෙක් සෝදා හැරියහ.

الملاحظة
لعله يكتفى بحديث حمران وحديث https://hadeethenc.com/ar/browse/hadith/3444?note=1 عن هذا الحديث
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු සෙzයිද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ ගත් ආකාරය පිළිබඳව මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම එතුමාණෝ වුළූ ගත්හ. එතුමාගේ කට තුළට ජලය යවා පසුව එය කළත්වා එළියට බැහැර කළහ. පසුව එතුමාගේ නාසය තුළට ද ජලය යවා පිරිසිදුකොට බැහැර කළේය. පසුව මුහුණ තුන් වරක් සේදූහ. පසුව එතුමාගේ දකුණත වැළමිට දක්වා තුන් වරක් සේදූහ. පසුව වමතද වැළමිට දක්වා තුන් වරක් සේදූහ. පසුව අලුත් ජලයකින් ඔහුගේ හිස පිරිමැද්දාහ. පසුව එතුමාගේ පාද දෙක ද එහි කිලිටි ඉවත් වන තුරුම වළලු කර දක්වා සෝදා හැරියහ.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . . .
අමතර