عن كبشة بنت كعب بن مالك -وكانت تحت ابن أبي قتادة-: أن أبا قتادة دخل فسَكَبَتْ له وَضُوءًا، فجاءت هرة فشربت منه، فأصغى لها الإناء حتى شربت، قالت كبشة: فرآني أنظر إليه، فقال: أتعجبين يا ابنة أخي؟ فقلت: نعم، فقال: إن رسول الله صلى الله عليه وسلم قال: «إنها ليست بنجس، إنها من الطوافين عليكم والطوافات».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي وأحمد والدارمي]
المزيــد ...

කඃබ් ඉබ්නු මාලික් තුමාගේ දියණිය වූ කබෂා විසින් වාර්තා කරන ලදී. එතුමිය අබූ කතාදාගේ පුතු යටතේ වූවාය. සැබැවින්ම අබූ කතාදා පැමිණියේය. ඇය ඔහුට ජලය වක්කලාය. එවිට බැළලියක් පැමිණ ඉන් ජලය බිව්වේය. ඌ බොන තෙක් භාජනය ඌ වෙත තැබුවේය. මම ඒ දෙස බලා සිටීම එතුමා දැක්කේය.එවිට එතුමා මාගේ සහෝදරයාගේ දියණිය, ඔබ කැමති දැයි විමසීය. එවිට ඇය එසේය යැයි පැවසුවාය. එවිට එතුමා සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- “සැබැවින්ම ඌ අපිරිසිදු සතෙකු නොවේ. ඌ නුඹලා සමග සැරිසරන්නන් හා සැරිසරන්නියන් අතුරින් වේ.“ පවසා ඇති බව දන්වා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

අබූ කතාදා තුමා වුළූ ගන්නට සූදානම් වූහ. එවිට බැළලියක් පැමිණියේය. එම බැළලිය නිවසේ වෙසෙන ජනයා සමග ගැවසී ඔවුන් සමගම ඇලී ගැලී සිටින සතෙකු විය. වුළූ ගන්නා ජලයෙන් ඌ පානය කරනු පිණිස එතුමා භාජනය ඉදිරිපත් කළේය. තම සහෝදරයාගේ දියණිය වූ කබෂා පුදුමයට පත් වූවාය. එය වුළු සඳහා සූදානම් කරනු ලැබූ ජලයයි. එය පිරිසිදුව තිබිය යුතු අතරම පිරිසිදු කරන්නක් විය යුතුය. පසුව සැබැවින්ම බැළලිය අපවිත්ර සතෙක් නොවන බවත් ඌ හේතුවෙන් ජලයට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඌ නිතරම මිනිසා සමග ගැවෙසෙන්නන් අතුරින් සතෙකු බවත් නබි තුමාණන් පවසා සිටි හදීසය එතුමා ඇයට දන්වා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර