ප්‍රවර්ගය: . . .
عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:

كَانَ النَّاسُ إِذَا نَزَلُوا مَنْزِلًا -وَفِي لَفْظٍ: كَانَ النَّاسُ إِذَا نَزَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْزِلًا- تَفَرَّقُوا فِي الشِّعَابِ وَالْأَوْدِيَةِ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ تَفَرُّقَكُمْ فِي هَذِهِ الشِّعَابِ وَالْأَوْدِيَةِ إِنَّمَا ذَلِكُمْ مِنَ الشَّيْطَانِ» فَلَمْ يَنْزِلْ بَعْدَ ذَلِكَ مَنْزِلًا إِلَّا انْضَمَّ بَعْضُهُمْ إِلَى بَعْضٍ، حَتَّى يُقَالَ: لَوْ بُسِطَ عَلَيْهِمْ ثَوْبٌ لَعَمَّهُمْ.
[صحيح] - [رواه أبو داود والنسائي في الكبرى] - [سنن أبي داود: 2628]
المزيــد ...

අබූ සඃලබා අල්හුෂනී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසුන් යම් තැනකට ගොඩ බසින විට මංමාවත් හා මිටියාවත් තුළ බෙදී වෙන්ව යන්නන් ලෙස සිටියහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ((මෙම මිටියාවත් හා මංමාවත් තුළ නුඹලා බෙදී වෙන්ව යන්නේ නම් එය ෂෙයිතාන්ගෙන් වූවකි.)) යැයි පැවසූහ. ඉන්පසුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු සමග කිට්ටුවෙන් බැඳී සිටීමෙන් මිස යම් තැනකට ඔවුන් ගොඩ බැස්සේ නැත.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]

විවරණය

ගමනක අතරවාරයේ යම් තැනකට මිනිසුන් ගොඩ බසින විට ඔවුන් මංමාවත් හා මිටියාවත් අතර බෙදී වෙන්ව සිටියහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, අල්ලාහ්ගේ සමීපතයින් බියට පත්විය හැකි බැවින් ද ඔහුගේ සතුරන්ගේ ක්රියාකාරකම් ක්රියාත්මක විය හැකි බැවින් ද එසේ ඔවුන් බෙදී වෙන්ව සිටීම ෂෙයිතාන්ගෙන් වූවක් බව ඔවුනට දන්වා සිටියහ. ඉන්පසුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු සමග කිට්ටුවෙන් බැඳී සිටිමින් මිස යම් තැනකට ඔවුන් ගොඩ බැස්සේ නැත. ඔවුන් වෙත පොරෝණයක් එළුවේ නම් ඔවුන් ළංව සිටීම හේතුවෙන් ඔවුන් ආවරණය කරන තරමට වනු ඇත.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (16)
ප්‍රවර්ග
  • . .
අමතර