عن سهل بن سعد رضي الله عنه : أن امرأةَ جاءت إلى رسولِ اللهِ صلى الله عليه وسلم بِبُرْدَةٍ مَنسُوجَةٍ، فقالت: نَسَجتُها بيديَّ لأَكْسُوَكَها، فأخذها النبيُّ صلى الله عليه وسلم محتاجاً إليها، فخرجَ إلينا وإنها إزارُهُ، فقال فلانٌ: اكسُنِيها ما أحسَنَها! فقال: "نعم"، فجلسَ النبيُّ صلى الله عليه وسلم في المجلسِ، ثم رجع فطَوَاها، ثم أرسلَ بها إليه، فقال له القومُ: ما أحسَنتَ! لبسها النبيُّ صلى الله عليه وسلم محتاجاً إليها، ثم سألته وعَلِمتَ أنه لا يَرُدَ سائلاً، فقال: إني واللهِ ما سألتُهُ لألبِسَها، إنما سألتُهُ لتكُونَ كَفَنِي. قال سهلٌ: فكانت كَفَنَهُ. المزيد
සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම කාන්තාවක් වියන ලද පොරෝණයක් රැගෙන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ මෙය ඔබට අන්දවනු පිණිස මම ගෙතුවෙමි යැයි පවසා සිටියාය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එහි අවශ්යතාවක් ඇත්තෙකු වශයෙන් එය අර ගත්හ. පසුව එතුමා අප වෙත බැහැරට පැමිණියහ. එය එතුමාගේ වේට්ටිය විය. එවිට පුද්ගලයකු, “මෙය මට අඳින්නට දෙන්න. මෙය කොතරම් අලංකාර ද!“ යැයි පවසා සිටියේය. එවිට එතුමා එසේය යැයි පවසා එතුමා සභාවේ වාඩි වූහ. පසුව හැරී ගොස් එය නමා ඔහු වෙත එවූහ. එවිට එම පිරිස ඔහු දෙස බලා, “ඔබ හොඳ දෙයක් කළෙහිය! නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- එහි අවශ්යතාවක් ඇත්තෙකුව සිට, එය ඇඳ ගත්හ. පසුව ඔබ එය ඉල්ලා ගත්තෙහිය. නියත වශයෙන්ම එතුමාගෙන් ඉල්ලා සිටින්නෙකු හරවා නොයවන බව ඔබ මැනවින් දන්නෙහිය.“ යැයි පවසා සිටියේය. එවිට ඔහු, “අල්ලාහ් මත දිවුරා පවසමි. නියත වශයෙන්ම මම එය අඳින්නට නොගත්තෙමි. එය මා ඉල්ලා සිටියේ මාගේ කෆන් බවට එය පත්වනු පිණිසය.“ ඔහුගේ කෆනය එයම විය යැයි සහ්ල් -රළියල්ලාහු අන්හු- තුමා පවසා සිටියහ.