ප්‍රවර්ගය: . . .
+ -
عَنْ عَبْدِ اللهِ بنِ مَسعُودٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«لَا يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ، يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنِّي رَسُولُ اللهِ، إِلَّا بِإِحْدَى ثَلَاثٍ: الثَّيِّبُ الزَّانِي، وَالنَّفْسُ بِالنَّفْسِ، وَالتَّارِكُ لِدِينِهِ الْمُفَارِقُ لِلْجَمَاعَةِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1676]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කාමයේ වරදවා හැසිරුණු විවාහකයා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයා) සහ තම දහම අතහැර දමා සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් අයකුගේ මිස වෙනත් කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය අනුමත නොවන්නේය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

මුස්ලිම්වරයකුගේ ජීවිතය කෙළසීම තහනම් වන්නේය. හදීසයේ සඳහන් කරනු ලැබූ කරුණු තුනෙන් එකක් මත හැර වෙනත් කිසිදු තත්ත්වයක අනුමත වන්නේ නැත. එනම් විවාහ වී නිත්යානුකූල විවාහයක් මගින් ලිංගිකව පහස විද ඉන්පසු දුරාචාරයේ යෙදෙන්නා. කිසිදු යුක්තියකින් තොරව උවමනාවෙන්ම මුස්ලිම්වරයකු ඝාතනය කරන්නා, මුස්ලිම් සමාජය බෙදා වෙන් කරමින් ඉස්ලාමය අතහැර දමන්නා හා ඒ අර්ථයෙන් කටයුතු කරන්නා. ඒ අනුව මෙම කරුණු තුන හේතුවෙන් මිස මුස්ලිම්වරයකුගේ රුධිරය හැලීම අනුමත වන්නේ නැත. හදීසයේ මූලික වශයෙන් සඳහන් කර නොමැති වුව ද ඒවාට සාපේක්ෂිතව පවතින ඒවා වෙත යොමු කරන දෑ ද අනුමත නොවන්නේය. සම ලිංගිකත්වය, ලේ ඥාතී කාන්තාවක සමග ලිංගිකව හැසිරීම ඒ අතරින් වන්නේය. මෙය පළමු කරුණ වෙත යොමු වනු ඇත. එමෙන්ම හූනියම් කරුවා හා එවන් පුද්ගලයින් හට මරණ දඬුවම පිරිනැමීම මෙය තුන්වන කරුණ වෙත යොමු වේ.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .