عن أنس بن مالك رضي الله عنه مرفوعاً: «ما من نبي إلا وقد أنذر أمته الأعور الكذاب، ألا إنه أعور، وإن ربكم - عز وجل - ليس بأعور، مكتوب بين عينيه ك ف ر»
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "කිසිදු නබිවරයකු තම සමූහයා වෙත බොරුකාර, ඇසක් ඇත්තා ගැන අවවාද කර සිටියා මිස නැත. දැනගනු සැබැවින්ම ඔහු එක් ඇසැක් ඇත්තෙකි. නුඹලාගේ පරමාධිපති අන්ධයකු නොවේ. ඔහුගේ දෑස් දෙක අතර ක, ෆ, ර යනුවෙන් ලියනු ලැබී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් විසින් එවන ලද සෑම නබිවරයකුම දජ්ජාල් පිළිබඳ තම සමූහයාට අවවාද කොට අනතුරු අැඟවූහ. හේතුව සැබැවින්ම ඔවුන් ඔහුගේ බැහැර වීම හා ඔහුගේ අර්බුධවල දරුණුකම පිළිබඳ දන්නා අය වූ බැවිනි. එහෙයින් ඔවුහු ඔවුනට ඔහුගේ ගුණාංගවලින් ඇතැම් දෑ පැහැදිලි කළහ. මෙම හදීසයෙහි ඔහු අන්ධයකු බව සඳහන්ව ඇත. අල්ලාහ් එම ගුණාංගයෙන් පිවිතුරු අයෙකි. ඔහුගේ ගුණාංගවලින් තවත් එකක් වනුයේ ඔහුගේ දෑස් දෙක අතර ක,ෆ,ර යනුවෙන් ලියවී තිබීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර