1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.

عن سمرة رضي الله عنه مرفوعاً: «من توضَّأَ يوم الجُمعة فَبِهَا ونِعْمَتْ، ومن اغْتَسَل فهو أفْضَل».

සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.”

හසන් ගණයට අයත් හදීසයකි ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත

විවරණය

“කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද” ඉන් අදහස් කරනුයේ ජුමුආ සලාතය සඳහා ගන්නා වුළූ ධෝවනයයි. “එමගින්” එනම් එම සුන්නාව හා අවකාශය පිළිපැදීම තුළින් “එය යහපත් විය.” එනම් එම සුන්නාව පිළිපදිමින් සිදු කළ ක්රියාව යහපත් විය. එය ඒ මත වන අගය කිරීමකි. “කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.” ඉන් අදහස් කරනුයේ කවරෙකු වුළූ ධෝවනයත් සමග ජුමුආ දිනයේ ස්නානය කළේ ද එය වුළූ ගැනීමට පමණක් සීමා වීමට වඩා උතුම් වන්නේය යන්නයි. බහුතර විද්වත්හු දරණුයේ මෙම මතයයි. ඒ අතරින් ප්රධාන පෙළේ ඉමාම්වරු සිව් දෙනා ද වෙති. ඔවුනට ආධාරකයක් ලෙස පිහිටන මුස්ලිම්හි තවත් හදීසයක් මෙසේය. “කවරෙකු වුළූ ධෝවනය කර එම සේදීම ඉතා මැනවින් ඉටු කර පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ නම් ජුමුආ වාරයේ සිට අනෙක් ජුමුආ වාරය දක්වා අතර වූ කාලයේ හා අමතරව තවත් දින දුනක් ද ඔහුට සමාව දෙනු ලැබේ.”

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية