عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ قَالَ
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُقْرِئُنَا القُرْآنَ عَلَى كُلِّ حَالٍ مَا لَمْ يَكُنْ جُنُبًا.

[حسن] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن الترمذي: 146]
المزيــد ...

අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن الترمذي - 146]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම බිරිය සමග සංසර්ගයේ යෙදී ජුනුබ් (ස්නානය අනිවාර්‍ය කෙරෙන) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම එතුමාණෝ අල් කුර්ආනය ඔවුනට කියවා පෙන්වූහ.

හදීසයේ හරය

  1. ජුනුබ් (ස්නානය අනිවාර්‍ය) තත්ත්වයට පත් වූ තැනැත්තා ස්නානය කරගන්නා තෙක් අල් කුර් ආනය කියවීමට ඔහුට අවසරය නැත.
  2. ක්‍රියාවෙන් ඉගැන්වීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි රුසියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الهولندية الغوجاراتية الدرية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර