«إِذَا خَرَجَ الرَّجُلُ مِنْ بَيْتِهِ فَقَالَ بِسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، قَالَ: يُقَالُ حِينَئِذٍ: هُدِيتَ، وَكُفِيتَ، وَوُقِيتَ، فَتَتَنَحَّى لَهُ الشَّيَاطِينُ، فَيَقُولُ لَهُ شَيْطَانٌ آخَرُ: كَيْفَ لَكَ بِرَجُلٍ قَدْ هُدِيَ وَكُفِيَ وَوُقِيَ؟ " المزيد
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී යන්නේය.” අබූ දාවූද් තුමා මීට අමතරව “ෂෙයිතාන් තවත් ෂෙයිතානුවකු දෙස බලා: “යහමග පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; ආරක්ෂාව සලසනු ලැබූ පුද්ගලයකු ඔබ සතු කර ගත හැක්කේ කෙසේ ද?” යැයි විමසයි.”