عن أبي بكرة رضي الله عنه قال: «نهى رسول الله صلى الله عليه وسلم عن الفضة بالفضة، والذهب بالذهب، إلا سَوَاءً بسوَاءٍ، وأمرنا أن نشتري الفضة بالذهب، كيف شئنا. ونشتري الذهب بالفضة كيف شئنا، قال: فسأله رجل فقال: يدا بيد؟ فقال: هكذا سمعت».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“රිදී වෙනුවට රිදී ද රන් වෙනුවට රන් ද එකිනෙකට සමාන දැයින් මිස ගනුදෙනු කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. රන් වෙනුවට රිදී අප කැමති පරිදි මිලදී ගැනීමටත් රිදී වෙනුවට රන් අප කැමති පරිදි මිලදී ගැනීමත් අපට එතුමා අපට නියම කළහ.” තවදුරටත් මෙසේ පැවසීය: ‘ඒ ගැන මිනිසකු විමසා සිටියේය.’ එවිට එතුමා ‘අත්පිට වටිනාකමට විය යුතු’ බව පැවසූහ. මම සවසන් දී ඇත්තේ එලෙසය යැයි ඔහු තවදුරටත් පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

රන් වෙනුවට රන් ද රිදී වෙනුවට රිදී ද ඒවා එකිනෙකට වෙනස් ව පොළියක් ඇති වන පරිදි වෙළඳාමක් සිදු වන කල්හි ඒවා එකිනෙකට සමාන නොවන තාක් තහනම් වන්නේය. රිදී වෙනුවට රන් ද රන් වෙනුවට රිදී ද ගනුදෙනු කරන්නේ නම්, එහි වරදක් නැත. ඒ දෙක එකිනෙකට වෙනස් වුව ද එය වලංගු වීමට නම් ගිවිස ගන්නා වෙළඳ ස්ථානයේම අත්පිට වටිනාකමට හුවමාරු විය යුතුය. එසේ නොවන්නේ නම් එය තහනම් කරන ලද පොළියක් බවට පත් වන්නේය. වර්ගය වෙනස් වූ කල්හි ප්රමාණය වෙනස්වීම අනුමත වුව ද අත්පිට හුවමාරුව කොන්දේසි ලෙස පවතී. එය ඒ දෙක අතර පොලී සඳහා පොදු හේතූන් පිහිටන හේතුවෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර