«عَشْرٌ من الفِطْرة: قَصُّ الشَارب، وإعْفَاء اللِّحْية، والسِّواك، وَاسْتِنْشَاقُ الماء، وقص الأظْفَار، وغَسْل البَرَاجِم، ونَتْف الإبْط، وحلق العَانة، وانْتِقَاصُ الماء» قال الراوي: ونَسِيْتُ العاشرة إلا أن تكون المَضْمَضَة. قال وكِيع - وهو أحد رواته - انْتِقَاص الماء: يعني الاسْتِنْجَاء. المزيد
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම බෑම, මළ මූත්රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම.” වාර්තාකරු මෙසේ පවසයි. ‘දහවැනි කරුණ මට අමතක විය. නමුත් එය මුඛය කලත්වා පිරිසිදු කිරීම විය හැක.” එය වාර්තා කළ වාර්තාකරුවන්ගෙන් කෙනෙකු වන ‘වකී’ තුමා මෙසේ පවසයි: ජලයෙන් පිරිසිදු කිරීම: එනම් මළ මූත්රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීමයි.