නබි වදන් ලැයිස්තුව

1. ෆරාඉල් (අල් කුර්ආනයේ නියම කර ඇති දේපළ කොටස්) සඳහා හිමිකම් ඇති අයට ඒවා ලැබෙන්නට සළස්වන්න. ඉන්පසු ඉතිරි වන දේ මියගිය පුද්ගලයාගේ සමීපතම පිරිමි ඥාතියාට හිමි විය යුතුය - 4 ملاحظة
عربي ඉංග්‍රීසි උරුදු
2. නුඹලා තවලම් (මගී වෙළඳුන් අතරමග) හමු නොවනු. නුඹලා අතුරින් ඇතැමෙක් ඇතැමුන්ට එරෙහිව ගනුදෙනු නොකරනු. අනෙකාට පාඩුවන අයුරින් මිල ඉහළ නොදමනු. පදිංචිව සිටින කෙනෙකු පිටස්තරයකුට නොවිකුණනු. ඔටුවන් හා එළුවන්ගේ තන බුරුල්ල ගෙට නොගසනු.
عربي ඉංග්‍රීසි උරුදු
3. මෙම මිටියාවත් හා මංමාවත් තුළ නුඹලා බෙදී වෙන්ව යන්නේ නම් එය ෂෙයිතාන්ගෙන් වූවකි.
عربي ඉංග්‍රීසි උරුදු
4. යමනයේ වැසියන් පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-: සැබැවින්ම ඔබ වෙත යමන් වාසීහු පැමිණ ඇත්තේය යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි උරුදු
5. පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණය) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ.
عربي ඉංග්‍රීසි උරුදු
6. වැඩිවියට පත්වීමෙන් පසු අනාථ භාවය නැත. එමෙන්ම රාත්රිය දක්වා දවසේ නිහඬව සිටීමක් නැත.
عربي ඉංග්‍රීසි උරුදු
7. අපි දරුවන් සමග සානිය්යතුල් වදා නමැති ස්ථානයට ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව මුණ ගැසෙන්නෙමු.
عربي ඉංග්‍රීසි උරුදු
8. යුද්ධයෙන් හැරී නැවත පැමිණීම යුද වදින්නාක් මෙනි.
عربي ඉංග්‍රීසි උරුදු
9. දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි. - 1 ملاحظة
عربي ඉංග්‍රීසි උරුදු
10. මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දීමෙන් ඉවත් නොවූහ.
عربي ඉංග්‍රීසි උරුදු
11. අම්ර් ඉබ්නු අබසා තුමා ඉස්ලාමය වැළඳ ගැනීමේ කතාව හා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට සලාතය හා වුළු දෝවනය ඉගැන්වීම.
عربي ඉංග්‍රීසි උරුදු