كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْتَكِفُ فِي كُلِّ رَمَضَانٍ عَشَرَةَ أَيَّامٍ، فَلَمَّا كَانَ العَامُ الَّذِي قُبِضَ فِيهِ اعْتَكَفَ عِشْرِينَ يَوْمًا.
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2044]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සෑම රමළාන් මාසයකම දින දහයක් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ ජීවිතය අත්පත් කරගනු ලැබූ වසරේදී එතුමා දින විස්සක් ඉඃතිකාෆ්හි යෙදුණහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රමළාන් මාසයකම අල්ලාහ් නැමදීම සඳහා දින දහයක් වෙන්කර ගනිමින් මස්ජිදයේ ලැඟුම් ගත්හ. ලයිලතුල් කද්ර් රාත්රිය හිමි කර ගැනීමේ ආශාවෙන් එහි මැද දින දහයේ ඉඃතිකාෆ්හි නිරතවුණු අතර සැබැවින්ම එම රාත්රිය එහි අවසන් දින දහයේ ඇති බව දැනගත් කල්හි එහි ඉඃතිකාෆ්හි නිරත වන්නට පටන් ගත්හ. පසුව එතුමා මිය ගිය වසරේ අමතර වශයෙන් අල්ලාහ් වෙත සමීප වන්නටත් ඔහුට අවනත වන්නටත් දින විස්සක් ඉඃතිකාෆ් සඳහා වෙන් කළහ.