නබි වදන් ලැයිස්තුව

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සෑම රමළාන් මාසයකම දින දහයක් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ ජීවිතය අත්පත් කරගනු ලැබූ වසරේදී එතුමා දින විස්සක් ඉඃතිකාෆ්හි යෙදුණහ.
عربي الإنجليزية الأوردية
ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම වන්නේය.
عربي الإنجليزية الأوردية
ලැජ්ජාව යහපත හැර වෙනකක් ගෙන දෙන්නේ නැත.
عربي الإنجليزية الأوردية
නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.
عربي الإنجليزية الأوردية
ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.
عربي الإنجليزية الأوردية
මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි.
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද? ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව ඔබේ සමීප ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය
عربي الإنجليزية الأوردية
එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?
عربي الإنجليزية الأوردية
මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
عربي الإنجليزية الأوردية
පුද්ගලයා ඔහු ප්රිය කරන්නන් සමග වේ.
عربي الإنجليزية الأوردية
ව්යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, සිදු වූ දෑ පිළිබඳවත් සිදුවන්නට තිබෙන දෑ පිළිබඳවත් අපට දැනුම් දුන්හ. එවිට අප අතුරින් මැනවින් වටහා ගත් අය, අප අතුරින් වඩාත් මතක ශක්තිය ඇති උදවිය වූහ.
عربي الإنجليزية الأوردية