عن أبي ذر رضي الله عنه مرفوعاً: «إِنِّي أرى ما لا ترون، أَطَّتِ السماء وحُقَّ لها أَنْ تَئِطَّ، ما فيها موضع أربع أصابع إلا وملك واضع جبهته ساجداً لله تعالى والله لو تعلمون ما أعلم لضحكتم قليلاً ولبكيتم كثيراً، وما تلذذتم بالنساء على الفُرُشِ، ولخرجتم إلى الصُّعُدَاتِ تَجْأَرُونَ إلى الله تعالى».
[حسن] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම නුඹලා නොදකින දෑ මම දකිමි. අහස හඬ නැගීය. හඬ නැගීම එයට නියම වූවකි. එහි ඇගිලි හතරක තරම් ඉඩක අල්ලාහ්ට නළල බිම තබා සුජූද් කරන මලක්වරයකු විය. මා දන්නා දෑ නුඹලා ද දැන ගන්නෙහු නම් නුඹලා ස්වල්ප වශයෙන් සිනහසී අධික වශයෙන් අඩනු ඇත. නිදියහනේ කාන්තාවන් සමග පහස නොවිඳිනු ඇත. නුඹලා මාර්ග වෙත පිටත්ව ගොස් උත්තරීතර අල්ලාහ් වෙතින් හඬනගා උදව් පතනු ඇත.
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ: සැබැවින්ම නුඹලා නොදකින; නුඹලා නොහඳුනන දෑ සැබැවින්ම මම දකිමි. හඳුනමි. අහස මත ගමන් කරනු ලැබූ විට ගමන් කරන හඬක් මෙන් හඬක් අහසෙහි හට ගැණින. එය එයට නියම වී තිබිණ. එහි ඇගිලි හතරක තරම් ඉඩක උත්තරීතර අල්ලාහ්ට නළල බිම තබමින් සුජූද් කරන මලක්වරයකු විය. සැබැවින්ම උත්තරීතර කීර්තිමත් අල්ලාහ්ගේ මහිමය හා ඔහුගේ දැඩි ලෙස ප්රතිචාර දැක්වීමේ ගුණාංගය ගැනත් ගුප්ත කරුණු පිළිබඳවත් නුඹලා දැනගන්නෙහු නම් උත්තරීතරයාණන්ගේ බලපරාක්රමය ගැන බිය වී අඩුවෙන් සිනහසී වැඩියෙන් අඩනු ඇත. ඔහුට ඇති බියෙන් නිදියහනේ කාන්තාවන් සමග පහස නොවිදිනු ඇත. නුඹලා මාර්ග වෙත පිටත්ව ගොස් උස් හඬින් මොර දී අල්ලාහ්ගෙන් උදව් පතනු ඇත.