عن أنس رضي الله عنه : أن أم الربيع بنت البراء وهي أم حارثة بن سراقة، أتت النبي صلى الله عليه وسلم فقالت: يا رسول الله، ألا تُحَدِّثُني عن حارثة -وكان قتل يوم بدر- فإن كان في الجنة صَبَرْتُ، وإن كان غير ذلك اجتهدت عليه في البكاء، فقال: «يا أم حارثة إنها جنان في الجنة، وإن ابنك أصاب الفردوس الأعلى».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
අනස්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්බරාගේ දියණිය වූ උම්මු රබීඃ හෙවත් සුරාකාගේ පුතණුවන් වූ හාරිසාගේ මව, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ හාරිසා ගැන මට කිව යුතු නොවේද? යැයි විමසුවාය. -ඔහු බද්ර් යුද දිනයේ මරුමුවට පත් විය- හේතුව ඔහු ස්වර්ගයේ සිටින්නේ නම් මම ඉවසිල්ලෙන් සිටිමි. ඒ හැර වෙනත් තැනක සිටින්නේ නම් මම අඬා කන්නලව් කිරීමෙහි කැපවී කටයුතු කරමි. යැයි පැවසුවාය එවිට එතුමා, “අහෝ උම්මු හාරිසා! සැබැවින්ම ස්වර්ගයේ උයන් ඇත. නියත වශයෙන්ම ඔබේ පුතණුවන්ට ෆිර්දවුස් හෙවත් උසස් ගණයේ ස්වර්ගය හිමි වී ඇත.“ යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
උම්මු හාරිසා තම පුතණුවන් යුද්ධයේ මිය ගිය පසු ඔහුගේ තත්ත්වය විමසනු පිණිස පැමිණියාය. සැබැවින්ම ඔහුට ස්වර්ගය හිමි වී ඇත්තේ නම් මම ඉවසා සිටිමි. අල්ලාහ් අබියස කුලිය පතමි. නමුත් ඒ හැර වෙනත් දෙයක් නම් බොහෝ විට කාන්තාවන් කටයුතු කරනවාක් මෙන් අඬා වැලපීමෙහි වෙහෙසට පත් වෙමි. යැයි පැවසුවාය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා සැබැවින්ම ඔහු ස්වර්ගයේ සිටින බවත් සැබැවින්ම එයින් උසස් ගණයේ ස්වර්ගය වන ෆිර්දවුස් ස්වර්ගය හිමි වී ඇති බවත් ශුභාරංචි දන්වා සිටියේය.