عن أبي يحيى خريم بن فاتك رضي الله عنه مرفوعاً: «من أنفق نفقة في سبيل الله كُتِبَ لَهُ بِسَبْعِمِائَةِ ضِعْفٍ».
[صحيح] - [رواه الترمذي]
المزيــد ...
අබූ යහ්යා හඃරීම් ඉබ්නු වාතික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යම් වියදමක් වියදම් කළේද එය ඔහුට හත්සිය ගුණයකින් සටහන් කරනු ලැබීය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය පිළිබඳ මෙම හදීසයේ සඳහන්ව ඇත. එසේ වියදම් කරන්නාට, ඔහු වියදම් කළ දෑ මෙන් හත්සිය ගුණයක් කුසල් හිමිවනු ඇත. මෙය අල්ලාහ්ගේ ප්‍රකාශයට සමගාමීව පිහිටා ඇත එනම්, “තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ප්‍රගුණ කරයි. තව ද අල්ලාහ් සර්ව ව්යාතපක ය සර්ව ඥානී ය.“