عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من احْتَبَسَ فرسًا في سبيل الله، إيمانًا بالله، وتصديقًا بوعده، فَإِنَّ شِبَعَهُ وَرِيَّهُ وَرَوْثَهُ وَبَوْلَه في ميزانه يوم القيامة».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු ඇති කරන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහරත් උගේ පානයත් උගේ මළ හා උගේ මූත්රාත් යන දෑ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ තරාදියේ පවතී.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා ඔහු දුන් පොරොන්දුව තහවුරු කිරීමක් වශයෙන් යුද වැදීම උදෙසා අල්ලාහ්ගේ මාර්ගයේ අශ්වයකු ඇති දැඩි කරන්නාට ඌ අනුභව කරන ආහාර පාන උගෙන් පිට වන මළ මූත්රා යනාදියෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යහපතට ප්රමාණවත් තරමට අල්ලාහ් කුසල් ලබා දෙනු ඇත. අල්ලාහ් මෙසේ පවසා සිටියි: (අල්ලාහ්ගේ මාර්ගයේ යමක් ඔබ වියදම් කරන්නේ නම් ඔබ වෙත එය පූර්ණව දෙනු ලබනු ඇත.) නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්රකාශ කළ බව තමීම් අද්දාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ අශ්වයකු සම්බන්ධ කොට පසුව ඌට ආහාර දී සාත්තු කරන්නේ ද සෑම ධාන්ය ඇටයක් පාසාම ඔහුට කුසලක් හිමි වන්නේය.මෙය ඉමාම් ඉබ්නු මාජා විසින් දන්වා ඇත.