عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا عَطِسَ أحدكم فَلْيَقُلْ: الحمد لله، ولْيَقُلْ له أخوه يرحمك الله؛ فإذا قال له: يرحمك الله؛ فَلْيَقُلْ: يهديكم الله، ويُصْلِح بالكم».
[صحيح] - [روه البخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ කිඹුහුමක් ඇරිය විට ඔහු ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්රශංසා අල්ලාහ්ටමය) යනුවෙන් පැවසිය යුතුය. තවද ඔහුගේ සහෝදරයා ඔහුට ‘යර්හමුකල්ලාහ්’ (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පැවසිය යුතුය. ඔහු එසේ ඔහුට ‘යර්හමුකල්ලාහ්’ යැයි පැවසූ විට ඔහු නැවතත් ‘යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්’ (අල්ලාහ් ඔබට යහමග පෙන්වා ඔබේ තත්ත්වයන් යහපත් කරත්වා!) යැයි පැවසිය යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

කිවිසුම් හැරීම ආශිර්වාදයකි. එය ශරීරය තුළ උදාසීනත්වයට හේතුවන හිරවී ඇති වාතයේ පීඩනය ශරීරයෙන් පිට කිරීමකි. එබැවින් කිවිසුම හරින්නා ඔහුගේ ශරීරයේ හිරවී ඇති වාතය පහසුවෙන් පිට කිරීමට සැළැස්වීම සඳහා ‘අල්හම්දුලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්රශංසා කිරීම සතුටුදායකය. සැබැවින්ම කිවිසුම් ඇති වන්නේ අල්ලාහ්ගෙනි. ඈනුම් ඇති වන්නේ ෂෙයිතාන්ගෙනි. කිඹුහුම් යෑම මිනිසාගේ ශරීරයේ දිරිමත් භාවයට සාධකයකි. මිනිසා කිවිසුම් හැරීමෙන් පසු සැනසුම ලබන්නේ එබැවිනි. එයට සවන් දෙන්නා යර්හමුකල්ලාහ් (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පවසයි. එය ඔහුගේ ශරීරයේ සුවය ලැබූ තැනැත්තාට සුදුසු ප්රාර්ථනාවකි. පසුව කිවිසුම් ගිය තැනැත්තා පිළිතුරු වශයෙන් ‘යහ්දීකුමුල්ලාහ් වයුස්ලිහු බාලකුම්’ (අල්ලාහ් ඔබට ඍජු මග පෙන්වා ඔබේ තත්ත්වය යහපත් කරත්වා!) යැයි පවසයි. මෙය නබිතුමාණන් විසින් ප්රකාශ කරන ලද එක් අයිතිවාසිකමක් වන අතර, මිනිසුන් එකිනෙකා සමඟ ඒවා ඉටු කරන්නේ නම්, සමීපත්වය සහ සෙනෙහස සාක්ෂාත් කරගනු ඇත' හදවත්හි සහ ආත්මයන්හි ක්රෝධය සහ අමනාපකම් පහව යනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර