عن أبي أمامة رضي الله عنه : أن رجلًا، قال: يا رسول الله، ائْذَنْ لي في السِيَاحَة! فقال النبي صلى الله عليه وسلم : «إن سِيَاحَة أُمَّتِي الجِهاد في سَبِيلِ الله عز وجل ».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! වන්දනා ගමනක නිරත වන්නට මට අවසරය දෙනු යැයි මිනිසෙකු පවසා සිටියේය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.“යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ තේරුම: සැබැවින්ම මිනිසෙක් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා වෙත පැමිණ වන්දනා ගමනක් සඳහා මහපොළොවේ සැරිසරන්නට හා රට රටවල්වලට පිටත්ව යෑමට තමන්ට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය. එයින් අදහස් කළේ, වන්දනා ගමනකි. එවිට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමය. එහි අර්ථය: ඔබ වන්දනා ගමනක් යන්නට අදහස් කරන්නේ නම්, අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම ඔබ කෙරෙහි පැවරෙන වගකීමකි. එයයි මාගේ සමූහයාගේ වන්දනා ගමන. හේතුව අල්ලාහ්ගේ දහම, එහි මූලිකාංගයන් හා එහි නීතිරීති එමගින් ව්යාප්ත වන බැවිනි. වන්දනාමාන සඳහා තමන්ගේ නිවස අතහැර දැමීම තම පවුලෙන් වෙන්වී යාම වැනි දෑ තහනම් කරන ලද්දකි. එය පිළිකුල් සහගතය. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආන් 2:61 වැනි පාඨයේ මෙසේ සඳහන් කරයි. “යහපත වෙනුවට පහත් දෑ නුඹලා පෙරළා පතන්නෙහු ද?“ ජිහාද් හෙවත් දිවිහිමියෙන් කැප වීම, ඔබ කෙරෙහි වූ වගකීමකි. හේතුව නියත වශයෙන්ම එයයි ඉස්ලාමයේ තපස් භාවය යැයි අහ්මද්හි තවත් වාර්තාවක සඳහන්ව ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර