عن أبي هريرة وجابر رضي الله عنهما : أن النبي صلى الله عليه وسلم قال: «الحَرْبُ خَدْعَة».
[صحيح] - [متفق عليه]
المزيــد ...
“යුද්ධය යනු උපායකි“ යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙයිරා තුමා හා ජාබිර් තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
යුද්ධය යනු උපායකි. එනම්, යුද්ධයේදී දේව ප්රතික්ෂේපිත සතුරාට එරෙහිව උපක්රම හා කුමන්ත්රණ භාවිතා කිරීම අනුමතය. හේතුව එසේ නොවූ විට මුස්ලිම්වරුන්ට අවාසිදායක් ඇති වී, හානි සිදුවන්නට පුළුවන. මෙය පහත් ක්රියාවක් ලෙස ෂරීආව නොසලකන අතර එය අපේක්ෂා කරනු ලබන කරුණුවලින් එකක් බව සලකයි. අදාළ පුද්ගලයා සමග පූර්ණ නියම යුද්ධයක් වීමට අපේක්ෂා කරනු ලබනුයේ එකගතාවයෙන් මුහුණ දීම නොව උපක්රමයන් භාවිත කිරීමෙන් මුහුණ දීමය. එකගතාවයෙන් ක්රියා කළේ නම් වැරදි සිදුවිය හැක. නමුත් උපක්රම භාවිතයෙන් වරදක් සිදු නොවී ජය ලබා ගත හැක යැයි ඉබ්නු මුනීර් -රහිමහුමුල්ලා- තුමා විසින් වාර්තා කරන ලදී. උපක්රමය තුළට වංචාව ඇතුළත් නොවේ. එනම් ගිවිසුමට විරුද්ධ වීම හා මුස්ලිම්වරුන් හා සතුරන් අතර එකගතාවයට විරුද්ධ වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි. වංචාවෙන් යුත් පිරිසකට ඔබ බියවන්නේ නම් ඒ හා සමානව ඔවුන් වෙත ඔබ ක්රියා කරනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්රිය නොකරයි. එනම් ඔබ අතර හා පිරිසක් අතර ගිවිසුමක් ඇත්නම් ඔවුන් සමග සටන් කිරීමට පෙර එය නිශ්ඵල කර ඇති බවට දැනුම් දිය යුතුයි. එය ඔබ හා ඔවුන් සමාන එල්ලයක සිටිනු පිණිසය.