عن أبي هريرة رضي الله عنه : أن النبي صلى الله عليه وسلم قال: «إذا قام أحدكم من الليل فَلْيَفْتَتِحِ الصلاة بركعتين خَفِيفَتَيْن». وعن عائشة رضي الله عنها ، قالت: كان رسول الله صلى الله عليه وسلم إذا قام من الليل افتتح صلاته بركعتين خفيفتين.
[صحيح] - [رواه مسلم. حديث عائشة رواه مسلم]
المزيــد ...

සැබැවින්ම නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතුරින් කිසිවකු හෝ රාත්රියේ අවදි වූ විට සුළුවෙන් රකආත් දෙකකින් සලාතය ආරම්භ කරත්වා!“ අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තම සලාතය සැහැල්ලු රකආත් දෙකකින් ආරම්භ කරන්නෙකු වූහැයි ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී.
පූර්ව සාධක සහිත හදීසයකි. - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ ඉමාම් මුස්ලිම් මෙය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ රාත්රී සලාතය සැහැල්ලු රකආත් දෙකකින් ආරම්භ කිරීම සුන්නාවක් බව පැහැදිලි කරයි. පසුව තමන් කැමති අයුරින් සලාතයන් දිගු කළ හැකිය. අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කොට අබූ දාවුද් තුමා දන්වා සිටි හදීසයක මෙසේ සඳහන් වෙයි. “පසුව තමන් කැමති අයුරින් දීර්ග කරත්වා“ මුස්ලිම්හි සඳහන් වාර්තාවක් අනුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ක්රියාවෙන් එය නිවැරදි බව දන්වා සිටියි. රාත්රී සලාතය සැහැල්ලු රකආත් දෙකකින් ආරම්භ කිරීමේ යථාර්ථය වනාහි සලාතයේ නිරත වීමට තම ආත්මය සූදානම් කිරීමකි. එය ෂෙයිතාන්ගේ ගැටය ලිහිල් කරයි. සලාතය සම්පූර්ණ කිරීමෙන් මිස ඒ සියලු ගැට සම්පූර්ණයෙන් ලිහිල් නොවන්නේය. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සැහැල්ලු රකආත් දෙකකින් රාත්රී සලාතය ආරම්භ කරමින් පැමිණියේ ෂෙයිතාන්ගේ ගැටයෙන් ආරක්ෂා වී පිරිසිදු වීමටය. ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලබන්නට තම සමූහයාට ඉගැන්වීමක් හා මඟපෙන්වීමක් බවට මෙය පිහිටා ඇත. ප්රකාශිත හා ක්රියාන්විත එම සුන්නාව සැහැල්ලු රකආත් දෙකකින් රාත්රී සලාතය ආරම්භ කිරීම ආගමානුගත කිරීම නිවැරදි විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර